පාර්ලිමේන්තු ඇවිත් පදනම් විරහිත ප්‍රකාශ කරන්න එපා : අගමැති රනිල්ගෙන් සිරිසේනට ප්‍රතිචාර !

පාර්ලිමේන්තු ඇවිත් පදනම් විරහිත ප්‍රකාශ කරන්න එපා : අගමැති රනිල්ගෙන් සිරිසේනට ප්‍රතිචාර !

ස්වාධින කොමිෂන් සභා මෙන්ම ස්වාධින අධිකරණයට පහරගැසීම යනු මත් ද්‍රව්‍ය මර්දන ක්‍රියාවලිය අඩපන කිරීමක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

එසේම බංකොලොත් දේශපාලකයන්ට අධිකරණය පාපන්දුවක් කරගන්නට ඉඩදිය නොහැකි බව කි අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණ කිසිඳු පදනමක් නැති ප්‍රකාශ කරනවා නම් අවසානයේ එහි විපාක විඳින්නේ ජනතාව බවද පවසා ඇත.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මාලිගාවත්ත“ලක්හිරු සෙවණ” නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර විවෘත කරමින් ඊයේ (12) පැවති උත්සවය අමතමින්ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද පවසීය.

පාර්ලිමේන්තුවේ ගොස් කිසිඳු පදනමක් නැති ප්‍රකාශ කරනවා නම් එහි විපාක විඳින්නේ කවුද? රටේ ජනතාවයි. තවම මත් ද්‍රව්‍ය පාලනය කළා පමණයි. නැති කළේ නැහැ. ඒ තත්වය ඉදිරියට ගෙනයනවාද? අතර මඟ කඩා දමනවාද? මේ දේශපාලකයන්ට ඉඩ දෙනවාද? බංකොලොත් දේශපාලකයන්ට අධිකරණය පාපන්දුවක් කරගන්නට ඉඩ දෙනවාද? එය කරන්නට ඉඩ දෙන්නට බැහැ.

මත් ද්‍රව්‍ය ප්‍රශ්නය උග්‍ර වූ අවස්ථාවේදී 2015 හෝ 2016 දිනක පොලිසියේ උසස් නිලධාරීන් කැඳවා අය වැයෙන් තවත් මුදල් වෙන් කරන්න දැයි මා විමසුවා.ප්‍රශ්නය මුදල් නොවන බවත් අපට විශ්වාසය සහ ස්වාධීන අධිකරණයක් ලබා දෙන ලෙසත් එම නිලධාරීන් මා සමඟ පැවසුවා.

මත් ද්‍රව්‍ය ප්‍රශ්නය විසඳීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පොලිසියේ කටයුතු වලට ඇඟිලි ගසන්නට ඉඩ දෙන්න එපා යැයි එම නිලධාරීන් පැවසුවා.

පසුගිය පාලන සමයේ ඇතිවූ පාලන ප්‍රශ්න ඇඟිලි ගැසීම් නැවත ඇති වන්නට ඉඩ දෙන්නට එපා යැයි එම නිලධාරීන් ඉල්ලා සිටියා. අපේ අත් බැඳ ඇස්වසා කුඩු නැති කිරීමේ ව්‍යාපාරයක් අරඹන්නට යැයි කියන්නට එපා යැයිද ඔවුන් ඉල්ලා සිටියා.

ස්වාධින කොමිෂන් සභා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේනම් කුඩු ඇතුළු මත් ද්‍රව්‍ය මර්ධනය කළ හැකි බව උසස් පොලිස් නිලධාරීන්ගේ අදහස වුනා.

ස්වාධින කොමිෂන් සභා ස්ථාපිත කිරීම මගින් පොලිසියට විශ්වාසයක් ගොඩනැඟුණා. අධිකරණය පවා කොන්ද කෙලින් තබා ගෙන තීරණ ගත්තා.මත් ද්‍රව්‍ය මර්දන කටයුතු මෙලෙස වේගවත්වුයේ අප විසින් ඇති කළ ස්වාධින කොමිෂන් සභා නිසා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න