පසුගියදා අනුරාධපුරයේදී ගංජා කිලෝ පහාමාරක් ළඟ තබාගෙන හසුවූයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියකු බව තමන්ට දැනගැනීමට ලැබුණු බවත් එම වැටළීම කළ නොච්චියාගම පොලිසියේ නිලධාරීන්ට තමන් විශේෂ ස්තූතියක් පිරිනමන බවත් ජනාධිපති සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව අමතමිනි.
එම නිලධාරියා උප පොලිස් පරීක්ෂකවරයකු බවත් ඔහුගේ භාර්යාවත් උප පොලිස් පරීක්ෂකවරියක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ තනතුරු, පදවි නොතකා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද සිරිසේන ජනාධිපති අවධාරණය කළේය.
එසේම වැලි, ගල්, පස් කැණීම් සඳහා බලපත්‍ර ලබාදෙන්නේ කවර ආයතනයක් වුවත් ඊට අදාළ සෑම ආයතනයක්ම පාහේ ඊට වගකිව යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. බලපත්‍ර ලබාදීමෙන් අනතුරුව එම ආයතන කැණීම් සම්බන්ධයෙන් පසුවිපරම් නොකරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

