සිරිසේන - වීරවංශ දෙන්නා 4500ක් රවට්ටලා : පත්වීම් සියල්ල නීති විරෝධීයි !

සිරිසේන - වීරවංශ දෙන්නා 4500ක් රවට්ටලා : පත්වීම් සියල්ල නීති විරෝධීයි !

කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ නොවැම්බර් 30 වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ලබාදුන් සමෘද්ධි සංවර්ධන නිලධාරී පත්වීම් නීති විරෝධී බව අනාවරණය වෙයි.

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍යවරයා වූ විමල් වීරවංශගේ මැදිහත්වීමෙන් සිරිසේන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් බෙදාදීම සිදුවූ අතර ඒ පත්වීම් නීති විරෝධී බව තහවුරු කරමින් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය නිකුත්කල නිවේදනය පහත දැක්වෙයි.

“සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ලබා දුන් ස්ථීර පත් වීමේ ලිපිය නෛතික භාවයකින් තොර පත්වීමේ ලිපයක් බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හිටපු ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතා විසින් පෙරේදා (13) දින වෘත්තීය සමිති සමඟ සිය අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කරන ලදී.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතු විශාල මුදලක් වැය කර දිවයින පුරා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 2018 නොවැම්බර් මස 30 වන දින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට කැඳවා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා එවකට හිටපු අගමැති මහිනිද රාජපක්ෂ මහතාගේ අතින් මෙම පත්වීමේ ලිපි ලබා දුන් අතර හදිසි මහ මැතිවරණයක් බලා පොරොත්තුව ඊට පටු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් විශාල මුදලක් වැය කර සේවකයින් රැවටීමට ලක් කිරීම අප සංගමය පිළිකුලින් යුතුව හෙලා දකින්නෙමු.

රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය නෑ !

යම් රාජ්‍ය සේවකයෙකුට ස්ථීර පත්වීමේ ලිපියක් ලබා දෙන්නේ නම් එය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පුර්ව අනුමැතිය ලබා ගත යුතු වුවත් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හට මෙම පත්වීමේ ලිපිය එසේ අනුමැතියකින් තොරව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් නිමල් කොටවලගෙදර මහතාගේ අත්සනින් යුතු මෙම පත්වීමේ ලිපිය බල රහිත බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පෙන්නා දෙන ලදී. ඒ අනුව හිටපු අමාත්‍යවරයා විසින් පත්වීමේ ලිපි 4500 නිකුත් කර ඇති බැවින් මෙම හදිසි කටයුත්ත සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයින් අමතර වෙහෙසක් ගෙන කටයුතු කර ඇති අතර එයද අපතේ ගොස් ඇත.

කොලේ වහලා ගැහිල්ලක් !

නිසි ක්‍රමවේදයකින් තොරව පටු දේශපාලන උවමනාව මත දිවිනැගුම පනතට අනුව සමෘද්ධි අධිකාරිය ඇතුළු ආයතන 04 ක් අහෝසි කර 2014 ජනවාරි 03 දින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපනය කිරීමේදී ඒ වන විට එහි සේවයේ නියුතුව සිටි විවිධ තනතුරු වල 25000 ආසන්න සේවක සංඛයාවක් ස්ථිර පත්වීමේ ලිපියක් හා විශ්‍රාම වැටුපක් නොමැතිව බරපතල ගැටළුවකට ඇද දමා ඇත. අධිකාරී වල සේවය කරන ලද සේවකයින් හට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය වීමට අවස්තාවන් 04 ලබා දුන් අතර ඉන් දෙපාර්තමේනතුව ස්ථාපිත දින සිට දේපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය වු 14159 වෙත ස්ථීර පත්වීමේ ලිපියක් මෙතෙක් ලබා දී නොමැති අතර මේ වන විටත් සේවකයින් 178 මිය ගොස් 119 ආසන්න පිරිසක් විශ්‍රාම ගොස් ඇතත් ඔවුන් කිසිවෙකුටත් විශ්‍රාම වැටුප් හිමිකම් නොමැති අතර ඔවුන්ගේ දරුපවුල් අසරණව සිටිති.

සියළු පාලකයින් මෙම ඛේදවාචකය පටු දේශපාලන උවමනාවට පාවිච්චි කරන අතර මෙවැනි කටයුතු වහා නවතා හිගන්නාගේ තුවාලය මෙන් මෙම ගැටළුව නොගෙන, ස්ථීරසාර විසදුමක් ලබා දීමට වහා පියවර ගත යුතුයැයි වත්මන් ආණ්ඩුවට අප මෙයින් අවධාරණය කරන්නෙමු.

චාමර මද්දුම කළුගේ
ප්‍රධාන ලේකම්.
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න