උණවටුනේ අල්ලස් බෝධිය : ඩඩ්ලිගේ තවත් ආගමික සත්කාරයක් !

උණවටුනේ අල්ලස් බෝධිය : ඩඩ්ලිගේ තවත් ආගමික සත්කාරයක් !

අල්ලස් බෝධිය ...පිංවතුනි එය ඇත්තේ උණවටුනේ ය...ඒ වගත් මෙසේය ,

ඩඩ්ලි සිරිසේන ගේ අරලිය හෝටල් ව්‍යාපෘති ය උණවටුනේ ආරම්භ කෙරුනේ 2016 වසරේ අවසන් කාර්තුවේ දිය .මේ දැවැන්ත හෝටලය ඉදිකිරීම් අතරතුර මෙයින් සිදුවන හානිය දුටු වැල්ලේ දේවාල විහාර හා අමරසිංහාරාමාධ්පති තල්පේ අරියජෝති හිමියන් ජනාධිපති වරයාට ලිපියක් යොමුකරමින් අවධාරණය කර සිටියේ"උණවටුන වෙරළ සංචාරක කලාපයේ සංවර්ධන කටයුතු කෙරෙන්නේ නම් ඒවා ප්‍රදේශයේ ජන ජීවිතයට ,පරිසර ට හෝ සංචාරකයන් ට එමෙන්ම වැල්ලේ දේවාලයට එන බැතිමතුන් ට කුමන ආකාරයෙන් වත් බාධා නොවන අයුරින් ඒ කටයුතු සිදුවිය යුතු බවයි.

උන් වහන්සේ ලිපිය යොමුකර තිබුනේ 2018.06.17 වැනි දිනය. ජනතාව ගේ ප්‍රශ්න කෙසේ වෙතත් ඉන් පසුව රුපියල් ලක්ෂ පනහක පරිත්‍යාගය ක් ඩඩ්ලි සිරිසේන විසින් වැල්ලේ දේවාල යට පුදනු ලැබීය ...ඉන් නොනැවතී ශ්‍රී මහා බෝධි ශාකාවක් රෝපනය කිරීම සදහ වන බෝධි ප්‍රාකාරයක් හෝටලය ඉදිකරන කම්කරුවන් ලවා තැනැවීය....පිංවත් සිරිසේනගේ අනුග්‍රහය ඇති ව 2018.12.22 දින ජයශ්‍රී මහා බෝධි යක් පිං වත් ඩඩිලි සිරිසේන යන් විසින් රෝපනය කරන ලදි...!

මේ ජායාරූපයෙන් පෙන්වා ඇත්තේ රෝපිත බෝධිය යට නුදුරින් නැගෙන සිරිසේනලාගේ මහා කොන්ක්‍රිට් බාදකයයි...පිංවතුනි දැන් වැල්ලේ දේවාල යේ දෙවියන් වත් මේ අවනීතියේ ප්‍රාසාදයට එරෙහිව කට අරින්නෙ නැත ...!

දයා නෙත්තසිංහ

FB IMG 1550215661965

FB IMG 1550215666854

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න