හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ‘බිලිබෝයි‘ කොට එහි සැබෑ ප්‍රතිලාභීන් 31 ක් සැඟවීමට උත්සහ දරන බව කැෆේ සංවිධානය පවසයි.
දුෂණ විරෝධී පෙරමුණ හිටපු උපදේශක හා කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත්කළ නිවේදනයක එබව සඳහන් වේ.
එම නිවේදනයේ මෙසේද දැක්වේ.
''රවී කරුණානායක ‘බිලිබෝයි‘ කොට එහි සැබෑ ප්‍රතිලාභීන් 31 ක්, ඔව් 31 ක්, සැගවෙන්නට උත්සහ දරණ බව බැදුම්කරය ගැන දින 1033 ක් මා විසින් ලබා ඇති අවබෝධය යි. නමුත් බැදුම්කරේ ‘මහ මොළය‘ රවී නොවේ.
ජනාධිපතිවරයා බැදුම්කර වාර්තාව ප්‍රසිද්ධ නොකරන තාක් සිදුවන්නේ බැදුම්කරයේ මහ මොළය, ක්‍රියාත්මක කිරීම සැලසුම් කළ හා මෙහෙයුම්කරුවන්ට ආවරණය ලැබීමය.
එබැවින්, 1927 අංක 4 දරණ අසහ්‍ය ප්‍රකාශන ආඥා පනත නිසා බැදුම්කර වාර්තාව ප්‍රසිද්ධ කළ නොහැකි බව තර්ක කිරීම ‘මහජන සුබසෙත‘ නොතකා හැරීමකි.
එබැවින් ‘පුද්ගලයින් අතර අශෝභන ක්‍රියා‘ වගන්තියෙන් ආවරණය වන කොටස ඉවත් කර හෝ බැදුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම, තොරතුරු දැන ගැනීමේ පනත යටතේවන ඉල්ලීම් අනුව නිදහස් කිරීම, පාර්ලිමේන්තුවේ සභාගත කිරීම ජනාධිපති ලේකම්වරයා විසින් අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය.
යහපාලනය දුෂණය කිරීමක් !
එසේ නොවන්නේ නම්, බැදුම්කරයට නම් කියවී ඇති තම කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, මන්ත්‍රීවරු ගැන ජනාධිපතිවරයා ‘සෑහීමකට පත්වන්නේ ද යන්න‘ ඔහු විසින් රටට ප්‍රකාශ කළ යුතුව ඇත.
ජනාධිපතිවරයා කොමිෂන් සභාවක් පත් කළේ ‘‘බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් සොයා ගැනීම‘‘ සදහා මිස මහ බැංකු අධිපතිගේ පැම්පස්, හෝටල් කාමර වියදම් ගැන සෙවීමට නොවේ.
යල්පැනගිය නීතියක් වන ‘පුද්ගලයින් අතර අශෝභන ක්‍රියා සිදුවූයේද?‘ යන්න දැන ගැනීමට ද නොවේ.
බැදුම්කර වංචාව ගැන සොයන්නට මිස රවී ට කළ අයුරින් නිවාස කුළිය ඉදිරියට දමා සැබෑ වංචනිකයින්ට සැගවී යන්නට ද නොවේ.
බැදුම්කර වාර්තාව තවදුරටත් සගවාගෙන සිටීම ජනපති විසින් තම අගමැති හා කැබිනට් සගයින් රැකීමට සිදුකරන ‘අශෝභන ක්‍රියාවකි.''

