බැඳුම්කර කොමිසන් වාර්තාවේ ඇතුළත් වී ඇත්තේ ව්‍යාජ කරුණු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
ජනාධිපතිවරයාට ලබා දුන් වාර්තාව සම්පූර්ණ වාර්තාව නොවන බවත්, ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ වාර්තාවේ කරුණු කිහිපයක් පමණක් බවත්, ඉන් තමා සහ අගමැතිවරයා නිවැරදි බව තහවුරු වී ඇති බවත් ඔහු පවසයි.
කොටහේනේ පැවති ජන හමුවකින් අනතුරුව බැඳුම්කර කොමිසමේ වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් රවී කරුණානායක මන්ත්‍රීවරයා එසේ පැවසිය.
මෙම ජනහමුව අමතමින් රවී කරුණානායක මන්ත්‍රීවරයා කියා සිටියේ වත්මන් ජාතික ආණ්ඩුවේ වැඩි වරප්‍රසාද හිමිව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවයි.
මේ හේතුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් නොයෙක් කෙනිහිලිකම්වලට ලක්ව සිටින බව ඔහු කියා සිටියේය.

