පළාත් සභා මැතිවරණය ගැන එන සතියේ තීන්දුවක් ගන්නවා - කිරිඇල්ල

පළාත් සභා මැතිවරණය ගැන එන සතියේ තීන්දුවක් ගන්නවා - කිරිඇල්ල

පාර්ලිමේන්තුවේ සිටින සියලූ‍ පක්ෂ රැස්වී, පළාත් සභා මැතිවරණය පිළිබඳ තීරණය ලබන සතියේ ගන්නා බව සභානායක රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (17) යටිනුවර මැතිවරණ කොට්ඨාසයේ කාපට් අතුරා සංවර්ධනය කරන ලද මාර්ග 07 අතරින් කොටලිගොඩ , තිස්මඩ හරහා මැණික්දිවෙල මාර්ගය සහ රත්තේපිටිය දෙල්දෙණිය හරහා උඩ රත්මීවල කාපට් මාර්ග ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගීවෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

“දැන් සියලූ‍ දෙනාම කියනවා පළාත් සභා මැතිවරණය කල්දාන්න එජාපෙ අපි කියලා. අපි හැමදාම කියව්වේ පරණ විදිහට මේක තියමු කියලා. නමුත් නිදහස් පක්ෂයත් සන්ධානයත් සෑම විටම කියව්වේ අලූ‍ත් ක‍්‍රමයට තියමු කියලා.

ඒක ක‍්‍රියාත්මක කරන්න පනත ගෙන දුන්නෙත් නිදහස් පක්ෂයේ එයාලගෙම ඇමතිවරයෙක්ට, අන්තිමේදී ඒක අනාගෙන සම්මත කරගන්න බැරුව එයා එයාම ගෙනාපු පනතට විරුද්ධව ඡන්දය දුන්නා.

දැන් සම්මත වෙලා තියෙන පනත සම්මත වෙලා තියෙන්නේ බාගෙට ඒකට ඕන සීමා නිර්ණය සම්මත වෙලා නෑ දැන් අලූ‍ත් ක‍්‍රමයට තියන්නත් පරණ ක‍්‍රමයට තියන්නත් නව පනතක් ගේන්න ඕනි ඒ තීරණය ගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ අපට විතරමයි.

මේ මැද හිර වෙලා තියෙන ගැටලූ‍ව විසඳගන්න එන සතියේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලූ‍ පක්ෂ රැස්වෙලා තීරණයක් ගන්න කටයුතු කරන බව අද උදෙත් අගමැතිවරයා මට කියව්වා.

ව්‍යවස්ථා සභාව ගැන කතා කළොත් මට ඔබතුමන්ලාට කියන්න ඕන, දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මේක ගේන කොට සියලූ‍ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේදී මේකට සහය දුන්නා. එහෙම තමයි අපි තුනෙන් දෙක හදා ගත්තේ.

එහෙම සහයෝගය දුන්න අය අද කොහොමද ඒ ක‍්‍රමයට විරුද්ධ වන්නේ. මහින්ද මහත්තයාගේ අයියා චමල් මහත්තයත් ඉන්නවා ඒ ව්‍යවස්ථා සභාවේ එතකොට කොහොමද මහින්ද මහත්තයා ඒකට විරුද්ධ වෙන්නේ. මේකේ රහස තමා ඉස්සර වගේ ජනාධිපතිතුමාට ඕන ඕන විදිහට රටේ වැදගත් තනතුරු වලට තමාගේ හිතුමතේට පුද්ගලයෝ නම් කිරීමට නොහැකි වීමයි.“

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න