ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අතර නිළ සාකච්ඡා අද(18) පැවැත්වීමට නියමිතය .
මෙරටට ලබා දීමට නියමිත ණය වාරික සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස මේ වන විටත් මෙරටට පැමිණ සිටිති.
මැනුවෙලා ගොරෙට්ටි මහත්මිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දරණ අතර මෙමෙ සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපතිවරයා මෙන්ම මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්වනු ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මඟින් මේ වනවිට මෙරටට ලබා දීමට නියමිත ණය මුදලේ වාරික 4ක් ලබා දී ඇති අතර 5 වන වාරිකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ලබා දීමට සැලසුම් කර තිබුණි.
කෙසේ වෙතත් එවකට පැවති දේශපාලන අර්බුධය හේතුවෙන් එය ගෙවීම තාවකාලිකව නතර කළ අතර අනතුරුව මුදල් අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක් ජනවාරී මාසයේදී මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස මෙම නියෝජිත කණ්ඩාවම දිවයිනට පැමිණ සිටින අතර ඔවුන් මෙරට ආර්ථික කටයුතු පිළිබඳ වැඩි අවදානයක් යොමු කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

