පොහොට්ටු පාර්ශවයේ බැසිල් රාජපක්ෂ සහ සුළු පක්ෂ නායකයන් කිහිපදෙනෙකු අතර මතුව ඇති මත ගැටුම මේ වන විට තවත් වර්ධනය වෙමින් තිබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව මේ වන විට විමල් වීරවංශ මන්ත්‍රීවරයාට හිතවත් වෙබ් අඩවියක් පහත පුවත වාර්තා කර තිබුණි.
පුළුල් ජාතික බලවේගයක් ගොඩ නැගීමෙන් තොරව ජනතා බලය දිනා ගැනීමට නොහැකි යැයි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව අප කළ විමසීමකදී මෑතකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වූ පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින න්ත්‍රීවරයකු සඳහන් කර සිටියේ ‘‘ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාට තේරෙන දේ බැසිල් රාජපක්ෂ මහතාට තේරෙනවා නම් අපි මොණතරම් වාසනාවන්තද?‘‘ යනුවෙනි.
ඔහු බලා බලාපොරොත්තු සහගතව කියාසිටියේ දැන්වත් බැසිල් රාජපක්ෂ මහතාට මොළය පෑදේ යැයි අපි බලා සිටිනා බවය. මෙම ප්‍රකාශයෙන් අපට පැහැදිලි වූයේද ඔහු ඒ පිළිබදව සුබවාදීව සිතමින් සිටින බවකි.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා මෙම ප්‍රකාශය සිදුකරනු ලැබ්වේ කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි නව නගර ශාලාවේ දී ඊයේ (17) පැවති මහජන එක්සත් පෙරමුණේ 22 වන ජාතික මහා සම්මේලනයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

