හදිසි මිලදී ගැනිමක් ලෙස පොහොර මෙට්‍රික් ටොන් 72000ක් ඕමානයෙන් මිලදී ගැනිම නිසා රුපියල් 864 000 000 (අසු හය කෝටි හතලිස් ලක්ෂයක) පමණ පාඩුවක් සිදුව ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට පසුගිය සැත්තැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් 240 කට පොහොර මෙට්රිලක් ටොන් ලබාගැනීමට අවස්ථාව තිබී ඇත. එහෙත් හදිසි මිලදී ගැනිමක් ලෙස මිලට ගැනිමට යාම හමුවේ පොහොර මෙට්‍රික් ටොන් එකක් සඳහා අමෙරිකානු ඩොලර් 320ක මිලක් දරන්නට සිදුවීම තුළ මෙම පාඩුව සිදුව ඇත.
මේ ආකාරයෙන් ඕමානයෙන් ඇනවුම් කර ඇති පොහොර මෙට්‍රික් ටොන් 72000 න් පොහොර මෙට්‍රික් ටොන් 42 000 ක් රැගත් නැව හෙට (07) මෙරටට පැමිණීමට නියමිත බවද වාර්තා වෙයි.
මෙම ඇනවුමේ ඉතිරි පොහොර මෙට්‍රික් ටොන් 30 000 ඉදිරි දිනවල මෙරටට ළඟාවනු ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
එසේම පසුගියදා කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවේදී පාකිස්ථානයෙන් පොහොර නැවක් බදාදා දිනයේ මෙරටට පැමිණි බවට දැනුම්දෙනු ලැබුවත් එවැනි නැවක් එදින මෙරටට පැමිණ නැති බවද දැනගන්නට ඇත.

