දෙමළ ඩයස්පෝරාව නව වසරේ “තදින්” වැඩ අල්ලයි !

දෙමළ ඩයස්පෝරාව නව වසරේ “තදින්” වැඩ අල්ලයි !

යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් හමුවේ ගිවිසගත් ප්‍රධාන යෝජනා එකක්වත් ශ්‍රී ලංකාවේ රජය විසින් ආරම්භ කොට නැති බව පවසන දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක් යුද අපරාධ චූදිතයන් ට එරෙහිව මේ අවුරුද්දේ “තදින් හිටින” බව ප්‍රකාශයට පත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී හවුලේ සම්මත කරගත් ජිනීවා යෝජනාවේ දැක්වෙන එකදු සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයක් ක්‍රියාවේ යොදා නැති ශ්‍රී ලංකාවේ යුද අපරාධ චූදිතයන්ට එරෙහිව පියවර ගැනීම සඳහා ඩයස්පෝරාවේ “හැකි සෑම සම්පතක්ම” යොදාගන්නා බවට එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව පදනම් කරගත් සංවිධාන හතරක් ශපත කර සිටී.

සංචාර තහනමක් :

“එය ඉටු කරගැනීම සඳහා චූදිතයන්ට එරෙහිව සංචාර තහනම් පනවන ලෙසත්, තමන්ගේ රටවලට පැමිණීමේදී හෝ ඒ හරහා ගමන් කරද්දී අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට දැඩි පියවර ගන්නා ලෙසත් අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු,” යි එක්සත් ජනපද දෙමළ ක්‍රියාකාරී මණ්ඩලය (USTPAC), ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වය සහ සහන සඳහා වන ජනතාව (PEARL), බ්‍රිතාන්‍ය දෙමළ සංසදය (BTF) සහ ඕස්ට්‍රේලියා දෙමළ කොන්ග්‍රසය (ATC) 2018 වසර ආරම්භයේ නිකුත් කළ නිවේදනයක දැක්වේ.

දැනටමත් දෙමළ ඩයස්පෝරාවට අයත් නැති සංවිධාන කිහිපයක් හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව දකුණු ඇමරිකානු රටවල යුද අපරාධ නඩු පවරා තිබෙන අතර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු යුද සෙන්පතියන් කිහිප දෙනකුගේ වීසා ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප වී තිබේ.

“ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තවමත් අහෝසි කර නැත, අතුරුදහන් වුවන් සම්බන්ධ කාර්යාලය තවම ක්‍රියාත්මක කර නැත, එමෙන්ම විශේෂ අධිකරණය, සත්‍ය කොමිසම සහ හානිපූරණ යාන්ත්‍රණ වලට මුල පුරා හෝ නැතැ,” යි ඩයස්පෝරා සංවිධාන හතරේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ආණ්ඩුවේ පිළිගැනීම:

26169819 1292804057489139 6177383577256659240 nශ්‍රී ලංකාවේ රජය විසින් ඉටුනොකළ පොරොන්දු සපුරාලීම සඳහා නිශ්චිත කාලරාමුවක් ප්‍රකාශයට පත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා 2017 මාර්තුවේදී කළ ඉල්ලීමද එම නිවේදනයෙන් සිහිපත් කර දී ඇත.

යුද්ධයෙන් පීඩාවට පත්වූවන් සඳහා යුක්තිය ඉටු කිරීමේ ප්‍රමාදයක් ඇති බවට ජගත් කොමිසමේ ප්‍රධානියා ඇතුළු මානව හිමිකම් සංවිධාන ද, දෙමළ ප්‍රජාවද නගන චෝදනාවේ සත්‍යයක් ඇති බව පිළිගනිමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන් හමුවේ ප්‍රකාශ කර තිබුනේ සංක්‍රාන්තික යුක්තිය සාක්ෂාත් කර දීම සඳහා ප්‍රමාණවත් අයුරින් ක්‍රියා කර නැති බවයි.

(gagana.lk)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න