මහින්දට ඊයේ රැස්වීමේදී හිනාගියේ ඇයි ?

මහින්දට ඊයේ රැස්වීමේදී හිනාගියේ ඇයි ?

පොහොට්ටුවේ මැතිවරණ සමාරම්භක උත්සවයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිනාගියේ ඇයි දැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (06) පැහැදිලි කළේය.

ඒ, බොරලැස්ගමුව ප්‍රාදේශීය සභා එජාප ලැයිස්තු අපේක්ෂක බන්දුල චන්ද්‍රසේකර මහතා ට ආධාර පිණිස රත්තනපිටියෙහි පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

එහිදී ඇමතිවරයා මෙසේ පැවසිය.

"මම දැක්කා පොහොට්ටුවේ මැතිවරණ සමාරම්භක උත්සවයේ මහින්ද හිනා වෙවී හිටියා. මහින්ද හිනා වෙවී හිටියේ පොහොට්ටුවේ නායකයා වෙන්න සූට් ඇඳගෙන හිටපු කට්ටිය දැකලා. මොකද මහින්ද දන්නවා ඒ එක්කෙනෙකුටවත් පොහොට්ටුවේ නායකයා වෙන්න ඉඩක් ලැබෙන්නේ නැති බව.

මහින්දට ඕන නාමල් බේබි පොහොට්ටුවේ නායකයා වෙනකම් යූ ඇන් පී ආණ්ඩුව තියාගන්න. නාමල් බේබිගේ දේශපාලන අනාගතයට මෙහා වෙන කිසිම දෙයක් ගැන මහින්ද හිතන්නේ නැහැ.

ඒ නිසා පොහොට්ටුවේ නායකයා වෙන්න සූට් මහගෙන ඉන්න මගේ පරණ මිත්‍රයන්ට මම කියනවා තව දුරටත් රැවටෙන්න එපා. පවුල් දේශපාලනය අවසන් කර, මේ රටේ තරුණ පරපුරට අනාගතයක් හදන දේශපාලන ප්‍රවාහයට එකතු වෙන්න.

පවුලක් ගොඩනගන්න කඩේ ගියා ඔය හොඳටෝම ඇති."

නාමල් බේබි හැරුණු කොට පොහොට්ටුවේ නායකයා වෙන්න සූට් මහගෙන ඉන්න වෙන කාටවත් කිසිම දේශපාලන අනාගතයක් පොහොට්ටුවේ නැතැයිද, පොහොට්ටුවේ නායකයා කියා හිතාගෙන ඉන්න බැසිල්ටවත්, අඩුම ගණනේ ගෝඨාභයටවත් නායකයා වෙන්න මහින්ද ඉඩ දෙන්නේ නැතැයිද රණවක මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

{gallery}champika{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න