එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් උසිගන්වමින්, ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවශ්‍ය වටපිටාවක් සමාජ මාධ්‍ය හරහා ගොඩනගන ලෙස පොහොට්ටු පක්ෂයේ මහ මොලකරු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ මාධ්‍ය ජාලයට උපදෙස් දී ඇත.
බැඳුම්කර වාර්තා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා එක්සත් ජාතික පක්ෂය අතර මතුව ඇති අර්බුදය ඒ සඳහා පාදකකර ගන්නැයි ඔහු වැඩිදුරටත් දැනුම් දී තිබේ.
මේවනවිට සාර්ථක දේශපාලන සමාජ ජාල ගණනාවක් ම පවත්වාගෙන යනු ලබන්නේ බැසිල් රාජපක්ෂ මහතා විසිනි.
පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී රාජපක්ෂවරුන්ට එරෙහිව සිටි සමාජ මාධ්‍ය කිහිපයක්ම මේවනවිට ඔහු විසින් මෙහෙයවනු ලබයි.
''බැහැපියවු එලියට'' : හරින්ට පුළුල් ප්‍රචාරයක්
බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස්වලට අනුව යමින් එජාප මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට හා ශ්‍රීලනිපයට එරෙහිව කරනු ලබන ප්‍රකාශවලට ඔහුගේ මාධ්‍ය නඩය මේදිනවල පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් සිටිති.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා රැස්වීමවලදී කරන ප්‍රකාශවලට එහිදී විශේෂ අවධානයක් යොමුව ඇත.
ඒ අනුව, ‘අපේ ආණ්ඩුවෙන් බැහැපියවු එලියට.. එක්සත් ජාතික පක්‍ෂයෙ තනි ආණ්ඩුවක් අපි උඹලට කරන පෙන්වන්නම්’ යයි ඇමති හරීන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්‍ෂ ජන රැළියක් අමතමින් කල ප්‍රකාශය ඇතුලත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල හරහා ප්‍රචාරය කිරීමට බැසිල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය කටයුතු කර තිබේ.

