පාර්ලිමේන්තුව කැඳවන්න : බැඳුම්කර වාර්තාව ගැන විවාදයට සුදානම්

පාර්ලිමේන්තුව කැඳවන්න : බැඳුම්කර වාර්තාව ගැන විවාදයට සුදානම්

බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශ සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුව රැස් කිරීමට තමන්ද එකඟබව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පළාත් පාලන ආයතන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් කැඳවා කැම්බල් පිටියේ පවත්වන ලද විශේෂ සමුළුවට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවා අදාළ වාර්තාව පිළිබඳ විවාද කල යුතු බවත් තමන් ඒ පිළිබඳ මේ වන විටත් කතානායකවරයා දැනුවත් කර ඇති බවය.

මේ අතර පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමු ගණනාවකදී සඳහන් වුයේ පාර්ලිමේන්තුව කැඳවා බැඳුම්කර වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ විවාදයක් සිදුකළ යුතු බවය. ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ශව ගණනාවක් මේ පිළිබඳ අදහස් දැක්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුව කැඳවීමත් සමඟ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට තම පාර්ශවය කටයුතු කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න