ජනාධිපතිවරයා විසින් බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් සිදුකල විශේෂ ප්‍රකාශයේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් පැවසු කරුණු ආණ්ඩුවේ Daily News පුවත්පතේ පලනොවිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු විමසා තිබේ.
එහිදී ලේක්හවුස් බලධාරීන් පවසා ඇත්තේ, තම ආයතනය වෙත ඒවා තිබු ෆැක්ස් පණිවිඩයේ එවැන්නක් සඳහන්ව නොතිබුන බවයි.
පසුව, ජනාධිපති මාධ්‍ය අංශයෙන් කල විමසීමකදී එය තම අංශයෙන් සිදුවූ අතපසුවීමක් බව පිළිගෙන ඇත.
ඔවුන් විසින් ලේක්හවුස් ආයතනය වෙත ෆැක්ස් යන්ත්‍රයෙන් අදාල පිටපත් යොමු කිරීමේදී එක් පිටුවක් නියමිත පරිදි යොමුවී නොතිබුන බව හෙළිව ඇත.
ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියකු පසුව එම පිටුව යලි යොමුකර ඇතත් එබව දුරකතනයෙන් දැනුම්දී නොතිබීමෙන් මෙම අතපසුවිම සිදුව තිබේ.

