නීතිපති ලෙස ජයන්ත ජයසූරිය නම් කළේ සිරිසේනයි - කිරිඇල්ල

නීතිපති ලෙස ජයන්ත ජයසූරිය නම් කළේ සිරිසේනයි - කිරිඇල්ල

නීතිපති ජයන්ත ජයසූරියගේ නම නීතිපති තනතුර සඳහා නිර්දේශකර සිටියේ ජනපති සිරිසේන විසින් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයට එක්වෙමින් සභානායකවරයා මේ බව සඳහන් කල අතර නීතිපති තනතුර සඳහා ජනපති සිරිසේන මහතා විසින් නම් තුනක් ව්‍යවස්ථාදායක සභාවට යොමුකළ බවත් එයින් එක් නමක් නිර්දේශ කරන ලෙස ජනපතිවරයාට දැන්වූ විට ඔහු ජයන්ත ජයසූරිය මහතාගේ නම නිර්දේශ කළ බවත් එහිදී සඳහන් විණ.

පොලිස්පති තනතුර සඳහාද ජනපති සිරිසේන මහතා නම් තුනක් යොමුකළ බවත් ඒ පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේ පැවැති ඡන්දයෙන් පොලිස්පති ලෙස පූජිත ජයසුන්දර තේරී පත්වූ බවත් මෙහිදී සඳහන් වූ අතර ප්‍රීති පද්මන් ශුරසේන අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු සඳහා නිර්දේශ කළේද ජනපති සිරිසේන මහතා විසින් බවද වැඩිදුරටත් සඳහන් විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න