Language Switcher

V2025

LTL ප්‍රධානීයෙක් මාධ්‍යවේදියෙක්ට තර්ජන කරන්න ගිහින් ඇන ගනියි - Video

අද (21) පෙරවරුවේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී, කෙරවලපිටිය මෙගාවොට් 300 සංයුක්ත ද්විත්ව චක්‍රීය බලාගාර ටෙන්ඩරය පිළිබදව පැවති විවෘත මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ LTL ආයතනයේ ප්‍රධානියෙක් මාධ්‍යවේදියෙක්ට තර්ජනය කිරීමට උත්සහ කිරීම නිසා උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

LTL ආයතනය හා සම්බන්ධ බවට පැවසෙන වෙස්ට් කෝස් පවර් සමාගම විසින් විදුලි ඒකකයක් රුපියල් 33 බැගින් ලංකා විදුලි බල මණ්ඩලයට අලෙවි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් විසින් කළ විමසුමක දී LTL ආයතනයේ ප්‍රධානියා මෙසේ ප්‍රතිචාර දැක්වීය.

කෙරවලපිටිය මෙගාවොට් 300 බලාගාරය ලබාදී තිබෙන්නේ පූර්ණ විනිවිදබාවය තුළින් : රවී කරුණානායක

කෙසේ නමුත් මෙම මාධ්‍ය හමුව අමතමින් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කලේ නැවතත් ඩීසල් මාෆියාවකට යනවද, නැත්නම් එල්.එන්.ජී. එක තුළින් අළුත් පද්ධතියක් ගෙනල්ලා කටයුතු කරනවාද කියලා තීරණය කළ යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුනානායක මහතා,

"අපි විදුලිය නිෂ්පාදිත වියදම් ජලයෙන් රු. 3.00 – 3.50, මිනි හයිඩ්‍රෝ රු.10.00 -11.00, ගල් අගුරු රු.11.00 – 12.00 එල්එන්ජී වලින් රු. 14.00 -16.00 ඩීසල්වලින් රු.23.00 – 60.00 වශයෙන් තමයි වෙන්නේ. මේක තමයි සැබෑ තත්ත්වය. අපි කරන්නේ පාරිභෝගිකයට, රටට හොද දේ. නමුත් කිහිප දෙනෙක් ඉන්නවා සැබෑ තත්ත්වය විකෘති කරන. ඒකට ඉඩදෙන්නේ නැහැ අපි. මට අවශ්‍ය වන්නෙත් දේශීය සමාගම් වලට අවස්ථාව දෙන්නයි. මේක චීනයට දෙන එක වැරදියි. අපේ රට තුළින් ගන්න පුළුවන් හැමදේම ආනයනය කරන එක නවත්තලා, දේශීය සමාගම් වලට දෙන්නයි මට අවශ්‍ය වන්නේ . නමුත් තත්ත්වය හොද වියයුතුයි."

නොදන්නා පුද්ගලයෙක් වශයෙන් මට වැඩ කරන්න බැහැ. මේක ලංකා විදුලිබල මණ්ඩලයට අයිති සමාගමක් වශයෙන් මේ තියෙන ටෙන්ඩරය තුළින්ම පුළුවන් තරම් ඉක්මනට ගන්න අවශ්‍ය නිසයි අපි කැබිනට් එකට ඉදිරිපත් කළේ. අපි කිසි‍දෙයක් හැංගුවේ නැහැ. කැබිනට් එකේ හැමෝම කිව්වෙත් මේක බොහොම හොදයි අඩුවෙන් ගන්න පුළුවන්නම්, අපි නීතිපතිගේ අවසරය ගමු කියලා. නීතිපතිත් කිව්වානම් රට වෙනුවෙන් හිතලා මේක අරන් තියෙන්නේ කියලා මොකක්ද මේකෙ තියෙන බාධාව. අපි කිසි දෙයක් හැංගුවෙ නැහැ, කැබිනට් එකට සම්පූර්ණ විස්තරය කිව්වා. රජයේ අනුබලය ඇතිව නීතිපතිත් සමග මේක හරි කියලා තීරණය දුන්නොත්, අපිට එම ගමනම යන්න පුළුවන්. අපිට තියෙන්නේ එතකොට හැකි ඉක්මනට, පුළුවන් තරම් අඩු මුදලට නිෂ්පාදනය කරන්නයි. වැඩි මිලට නිෂ්පාදනය කරන තැන් වහන්නයි තියෙන්නේ. අඩු වියදමට නිෂ්පාදනය කරන්න පුළුවන් දේ, ඇයි වැඩි මිලට ගන්නේ. මේක ඉදිරියට ගෙනියන එක පාපකර්මයක්. මේක තමයි සැබෑ තත්තවය. මට වගේම ජනාධිපතිට, අගමැතිට සහ පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ, පාරිභෝගිකයාට සහන සලසන්නයි.

ලබන අවුරුද්ද වෙනවිට පාරිභෝගිකයාට යම් මුදලක් අඩුවට දෙන්න හැකියාවක් තියෙනවානම්, ඒක තමයි අපි කරන්න උත්සාහ කරන්න ඕන. මේක අපි තනියෙන් ගත්ත තීරණයක් නෙමෙයි. ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරියට ගෙනියන්න ක්‍රියාකරන්නේ අපේ ඉංජිනේරුවරුන්. අපි ඔවුන් සමග සාකච්ඡා කරලා තමයි මේ හැමදෙයක්ම තීරණය කරන්නේ.

මමත්, රාජ්‍ය අමාත්‍යතුමත් අපේ අමාත්‍යාංශයත් එකතු වෙලා මේ හැම ගැටළුවක්ම හැකි ඉක්මණින් නිවැරදි තත්ත්වයට ගෙන එන්නම්. එහෙම නැතිව එක්කෙනෙක් දෙන්නෙක් ඉලක්ක කිරීම නෙමෙයි කල යුත්තේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍රවල දැනට බිලියන 420 ක අලාභයක් සටහන් වෙලා තිබෙනවා. ගිය වසරේ බිලියන් 27 ක අලාභයක් සටහන් වුණා. මේ වසරේ ඇස්තමේන්තු කරලා තිබෙනවා බිලියන් 89 ක අලාභයක්. හිටිය මුදල් ඇමති වශයෙන් මටත් කාර්යභාරයක් පැවරිලා තිබෙනවා රාජ්‍ය අමාත්‍යවරයාත් සමග මේ අලාභය නැති කරන්නට. නැත්නම් මේවට වන්දි ගෙවන්න වෙන්නේ අපේ පාරිභෝගිකයාට. හැම වෙලාවකම ඒ අයට ප්‍රශ්නේ දාලා, හරි අපි එහෙනම් මිල වැඩි කරමු කියලා කියන සූත්‍රයට මම ඉඩ දෙන්නේ නැහැ. ජනනය කිරීමේ මිල අවම කිරීම තමයි අවශ්‍ය වන්නේ. අද සම්පූර්ණ ධාරිතාවය තිබෙනවා මෙගාවොට් 4096 ක්. මේකෙන් බිලියන් 14,500 ක් ඒකක නිෂ්පාදනය කරනවා .මෙයින් එක් ඒකකයක් නිෂ්පාදනය තකරන්න යන වියදම රැ. 22.77. අපි විකුණන්නේ 16.21ක්. මේ පරතරය නිසා ඇතිවන අලාභය නැති කරන්න තමයි අවශ්‍ය වන්නේ. අපට අවශ්‍ය වන්නේ නීත්‍යානුකූව මෙය කරන්නේ කොහොමද කියලායි. අපි හදිසි විදුලිය මිලදී ගැනීම් නැවැත්තුවෙ ඇයි. ඒකෙන් රටට අලාභයක් සිදුවන නිසා. නමුත් අපි යම් විදියකින් අභියෝගයක් බාර ගත්තා. බැරි වෙලාවත් අපි හදිසි විදුලිය මිලදී ගැනීම් කළානම්, ඒක තමයි රටට කරන ලොකුම හෙනය. ටෙන්ඩරයක් දැම්මම අවුරුදු ගණනාවක් යනවා. කව්ද ඒවට වන්දි ගෙවන්නේ. අපේ අහිංසක ජනතාව. මේ හදිසි විදුලිය මිලදී ගැනීමේ අවශ්‍යතාව ලබන අවුරුද්දෙත් ඒවි. අන්න ඒක නැති කරගන්න තමයි අපි හිතුවේ" යැයි පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම් බී.එම්.එස්. බටගොඩ මහතා,

"ලංකාවේ ටෙන්ඩර් ක්‍රියාවලිය ගැන කව්රුත් දන්නවා. රටේ පිළිගත්ත ක්‍රමවේදයක් තිබෙනවා. මේ අමාත්‍යාංශයේ ටෙන්ඩර් කැදවද්දි මුදල් අමාත්‍යාංශයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කරනවා. ටෙන්ඩර් මණ්ඩලයක් තිබෙනවා. මේ අමාත්‍යාංශයේ ටෙන්ඩරයකදී එම මණ්ඩලයේ සභාපති වන්නේ මම නෙමෙයි. මම සාමාජිකයෙක් පමණයි. මේ ටෙන්ඩර් එක ආරම්භ කරපු දවසෙම මට සීලරතන හැමුදුරුවෝ නඩුවක් ගොනුකළා, මම තමන්ගේ සමාගමකට ටෙන්ඩරය දෙන්න යනවා කියලා. මාධ්‍ය වලින් කිව්වා මෙම ටෙන්ඩරය දූෂිතයි, ජාත්‍යන්තර තරගකරුවන් ගෙන්නලා අපේ සමාගමකටම දෙන්න යනවා කියලා. ඒ එක්කම සැම්සුන්. සමිට්, සොජික් යන ආයතන වලිනුත් මට දෝෂාරෝපනය කළා. මේ ටෙන්ඩරය මුල ඉදලම මාධ්‍ය හරහා බලපැම් ඇතිවෙලා ආවේ. මෙම ටෙන්ඩර් එකේ අවසානයේ සුදුසුකම් ලැබුණේ සැම්සුන් ආයතනයයි. ඒ අවස්ථාවේ ලක්දනවි ආයතනය බරපතල ලෙස ටෙන්ඩර් මණ්ඩලය විවේචනය කරලා අපහසුවට පත් කළා. ඉස්සෙල්ලාම කිව්වා ලක්දනවිට දෙන්න යනවා කියලා. ඊලගට කියන්න ගත්තා සැම්සුන් ආයතනයට දෙන්න යනවා කියලා. මෙ අවුරුදු දෙකහමාරක් ගතවුනේ මේ ප්‍රශ්න නිසයි. තාක්ෂණික ඇගයීම් මණ්ඩලය දෙවරක්ම ලක්දනවි ආයතනය ප්‍රථික්ෂේප කරලත්, කාලයක් ගතවෙන නිසා නැවත්ත තාක්ෂණික මන්ඩලය තීරණය කලා ලක්දනවි ආයතනයට මෙම ටෙන්ඩරය දෙන්න. ඒ වෙලාවේ මමත් ඇතුලුව ටෙන්ඩර් මණ්ඩලය නිර්දේශ කලා ලක්දනවි ආයතනයට දෙන්න කියලා. දැන් මේ චෝදනා කරන්නේ මමත් නිර්දේශ කරලා තියෙද්දි. ටෙන්ඩර් මණ්ඩලය දෙපාරක් ලක්දනවි සමාගමටත්, තාක්ෂණික අනු කමිටුව දෙපාරක් windforce දෙන්න කියන නිසාත් ඇමතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කලා දෙකටම දෙන්න තිබුනොත් හොදයි කියලා. එසේ නැතිවුණොත් 2021 දී එන්න තියෙන බලාගාරයකුත් අපට නැති වෙනවා. මේක තමයි ඇත්ත තත්ත්වය" යැයි පැවසීය.

මෙම විවෘත මාධ්‍ය සාකච්ඡාව සදහා ජර්මානු තානාපති නියෝජිතයන්, ඇමරිකානු තානාපති නියෝජිතයන්, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන, windforce , LTL, යන සමාගම්වල නියෝජිතයන් සහ දූෂණ විරෝධී සංගමයේ නියෝජිතයන්ටද ආරාධනා කර තිබිණි.අද (21) පෙරවරුවේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී, කෙරවලපිටිය මෙගාවොට් 300 සංයුක්ත ද්විත්ව චක්‍රීය බලාගාර ටෙන්ඩරය පිළිබදව පැවති විවෘත මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ LTL ආයතනයේ ප්‍රධානියෙක් මාධ්‍යවේදියෙක්ට තර්ජනය කිරීමට උත්සහ කිරීම නිසා උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

LTL ආයතනය හා සම්බන්ධ බවට පැවසෙන වෙස්ට් කෝස් පවර් සමාගම විසින් විදුලි ඒකකයක් රුපියල් 33 බැගින් ලංකා විදුලි බල මණ්ඩලයට අලෙවි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් විසින් කළ විමසුමක දී LTL ආයතනයේ ප්‍රධානියා මෙසේ ප්‍රතිචාර දැක්වීය.

කෙරවලපිටිය මෙගාවොට් 300 බලාගාරය ලබාදී තිබෙන්නේ පූර්ණ විනිවිදබාවය තුළින් : රවී කරුණානායක

කෙසේ නමුත් මෙම මාධ්‍ය හමුව අමතමින් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කලේ නැවතත් ඩීසල් මාෆියාවකට යනවද, නැත්නම් එල්.එන්.ජී. එක තුළින් අළුත් පද්ධතියක් ගෙනල්ලා කටයුතු කරනවාද කියලා තීරණය කළ යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුනානායක මහතා,

"අපි විදුලිය නිෂ්පාදිත වියදම් ජලයෙන් රු. 3.00 – 3.50, මිනි හයිඩ්‍රෝ රු.10.00 -11.00, ගල් අගුරු රු.11.00 – 12.00 එල්එන්ජී වලින් රු. 14.00 -16.00 ඩීසල් වලින් රු.23.00 – 60.00 වශයෙන් තමයි වෙන්නේ. මේක තමයි සැබෑ තත්ත්වය. අපි කරන්නේ පාරිභෝගිකයට, රටට හොද දේ. නමුත් කිහිප දෙනෙක් ඉන්නවා සැබෑ තත්ත්වය විකෘති කරන. ඒකට ඉඩදෙන්නේ නැහැ අපි. මට අවශ්‍ය වන්නෙත් දේශීය සමාගම් වලට අවස්ථාව දෙන්නයි. මේක චීනයට දෙන එක වැරදියි. අපේ රට තුළින් ගන්න පුළුවන් හැමදේම ආනයනය කරන එක නවත්තලා, දේශීය සමාගම් වලට දෙන්නයි මට අවශ්‍ය වන්නේ . නමුත් තත්ත්වය හොද වියයුතුයි."

නොදන්නා පුද්ගලයෙක් වශයෙන් මට වැඩ කරන්න බැහැ. මේක ලංකා විදුලිබල මණ්ඩලයට අයිති සමාගමක් වශයෙන් මේ තියෙන ටෙන්ඩරය තුළින්ම පුළුවන් තරම් ඉක්මනට ගන්න අවශ්‍ය නිසයි අපි කැබිනට් එකට ඉදිරිපත් කළේ. අපි කිසි‍දෙයක් හැංගුවේ නැහැ. කැබිනට් එකේ හැමෝම කිව්වෙත් මේක බොහොම හොදයි අඩුවෙන් ගන්න පුළුවන්නම්, අපි නීතිපතිගේ අවසරය ගමු කියලා. නීතිපතිත් කිව්වානම් රට වෙනුවෙන් හිතලා මේක අරන් තියෙන්නේ කියලා මොකක්ද මේකෙ තියෙන බාධාව. අපි කිසි දෙයක් හැංගුවෙ නැහැ, කැබිනට් එකට සම්පූර්ණ විස්තරය කිව්වා. රජයේ අනුබලය ඇතිව නීතිපතිත් සමග මේක හරි කියලා තීරණය දුන්නොත්, අපිට එම ගමනම යන්න පුළුවන්. අපිට තියෙන්නේ එතකොට හැකි ඉක්මනට, පුළුවන් තරම් අඩු මුදලට නිෂ්පාදනය කරන්නයි. වැඩි මිලට නිෂ්පාදනය කරන තැන් වහන්නයි තියෙන්නේ. අඩු වියදමට නිෂ්පාදනය කරන්න පුළුවන් දේ, ඇයි වැඩි මිලට ගන්නේ. මේක ඉදිරියට ගෙනියන එක පාපකර්මයක්. මේක තමයි සැබෑ තත්තවය. මට වගේම ජනාධිපතිට, අගමැතිට සහ පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ, පාරිභෝගිකයාට සහන සලසන්නයි.

ලබන අවුරුද්ද වෙනවිට පාරිභෝගිකයාට යම් මුදලක් අඩුවට දෙන්න හැකියාවක් තියෙනවානම්, ඒක තමයි අපි කරන්න උත්සාහ කරන්න ඕන. මේක අපි තනියෙන් ගත්ත තීරණයක් නෙමෙයි. ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරියට ගෙනියන්න ක්‍රියාකරන්නේ අපේ ඉංජිනේරුවරුන්. අපි ඔවුන් සමග සාකච්ඡා කරලා තමයි මේ හැමදෙයක්ම තීරණය කරන්නේ.

මමත්, රාජ්‍ය අමාත්‍යතුමත් අපේ අමාත්‍යාංශයත් එකතු වෙලා මේ හැම ගැටළුවක්ම හැකි ඉක්මණින් නිවැරදි තත්ත්වයට ගෙන එන්නම්. එහෙම නැතිව එක්කෙනෙක් දෙන්නෙක් ඉලක්ක කිරීම නෙමෙයි කල යුත්තේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍රවල දැනට බිලියන 420 ක අලාභයක් සටහන් වෙලා තිබෙනවා. ගිය වසරේ බිලියන් 27 ක අලාභයක් සටහන් වුණා. මේ වසරේ ඇස්තමේන්තු කරලා තිබෙනවා බිලියන් 89 ක අලාභයක්. හිටිය මුදල් ඇමති වශයෙන් මටත් කාර්යභාරයක් පැවරිලා තිබෙනවා රාජ්‍ය අමාත්‍යවරයාත් සමග මේ අලාභය නැති කරන්නට. නැත්නම් මේවට වන්දි ගෙවන්න වෙන්නේ අපේ පාරිභෝගිකයාට. හැම වෙලාවකම ඒ අයට ප්‍රශ්නේ දාලා, හරි අපි එහෙනම් මිල වැඩි කරමු කියලා කියන සූත්‍රයට මම ඉඩ දෙන්නේ නැහැ. ජනනය කිරීමේ මිල අවම කිරීම තමයි අවශ්‍ය වන්නේ. අද සම්පූර්ණ ධාරිතාවය තිබෙනවා මෙගාවොට් 4096 ක්. මේකෙන් බිලියන් 14,500 ක් ඒකක නිෂ්පාදනය කරනවා .මෙයින් එක් ඒකකයක් නිෂ්පාදනය තකරන්න යන වියදම රැ. 22.77. අපි විකුණන්නේ 16.21ක්. මේ පරතරය නිසා ඇතිවන අලාභය නැති කරන්න තමයි අවශ්‍ය වන්නේ. අපට අවශ්‍ය වන්නේ නීත්‍යානුකූව මෙය කරන්නේ කොහොමද කියලායි. අපි හදිසි විදුලිය මිලදී ගැනීම් නැවැත්තුවෙ ඇයි. ඒකෙන් රටට අලාභයක් සිදුවන නිසා. නමුත් අපි යම් විදියකින් අභියෝගයක් බාර ගත්තා. බැරි වෙලාවත් අපි හදිසි විදුලිය මිලදී ගැනීම් කළානම්, ඒක තමයි රටට කරන ලොකුම හෙනය. ටෙන්ඩරයක් දැම්මම අවුරුදු ගණනාවක් යනවා. කව්ද ඒවට වන්දි ගෙවන්නේ. අපේ අහිංසක ජනතාව. මේ හදිසි විදුලිය මිලදී ගැනීමේ අවශ්‍යතාව ලබන අවුරුද්දෙත් ඒවි. අන්න ඒක නැති කරගන්න තමයි අපි හිතුවේ" යැයි පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම් බී.එම්.එස්. බටගොඩ මහතා,

"ලංකාවේ ටෙන්ඩර් ක්‍රියාවලිය ගැන කව්රුත් දන්නවා. රටේ පිළිගත්ත ක්‍රමවේදයක් තිබෙනවා. මේ අමාත්‍යාංශයේ ටෙන්ඩර් කැදවද්දි මුදල් අමාත්‍යාංශයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කරනවා. ටෙන්ඩර් මණ්ඩලයක් තිබෙනවා. මේ අමාත්‍යාංශයේ ටෙන්ඩරයකදී එම මණ්ඩලයේ සභාපති වන්නේ මම නෙමෙයි. මම සාමාජිකයෙක් පමණයි. මේ ටෙන්ඩර් එක ආරම්භ කරපු දවසෙම මට සීලරතන හැමුදුරුවෝ නඩුවක් ගොනුකළා, මම තමන්ගේ සමාගමකට ටෙන්ඩරය දෙන්න යනවා කියලා. මාධ්‍ය වලින් කිව්වා මෙම ටෙන්ඩරය දූෂිතයි, ජාත්‍යන්තර තරගකරුවන් ගෙන්නලා අපේ සමාගමකටම දෙන්න යනවා කියලා. ඒ එක්කම සැම්සුන්. සමිට්, සොජික් යන ආයතන වලිනුත් මට දෝෂාරෝපනය කළා. මේ ටෙන්ඩරය මුල ඉදලම මාධ්‍ය හරහා බලපැම් ඇතිවෙලා ආවේ. මෙම ටෙන්ඩර් එකේ අවසානයේ සුදුසුකම් ලැබුණේ සැම්සුන් ආයතනයයි. ඒ අවස්ථාවේ ලක්දනවි ආයතනය බරපතල ලෙස ටෙන්ඩර් මණ්ඩලය විවේචනය කරලා අපහසුවට පත් කළා. ඉස්සෙල්ලාම කිව්වා ලක්දනවිට දෙන්න යනවා කියලා. ඊලගට කියන්න ගත්තා සැම්සුන් ආයතනයට දෙන්න යනවා කියලා. මෙ අවුරුදු දෙකහමාරක් ගතවුනේ මේ ප්‍රශ්න නිසයි. තාක්ෂණික ඇගයීම් මණ්ඩලය දෙවරක්ම ලක්දනවි ආයතනය ප්‍රථික්ෂේප කරලත්, කාලයක් ගතවෙන නිසා නැවත්ත තාක්ෂණික මන්ඩලය තීරණය කලා ලක්දනවි ආයතනයට මෙම ටෙන්ඩරය දෙන්න. ඒ වෙලාවේ මමත් ඇතුලුව ටෙන්ඩර් මණ්ඩලය නිර්දේශ කලා ලක්දනවි ආයතනයට දෙන්න කියලා. දැන් මේ චෝදනා කරන්නේ මමත් නිර්දේශ කරලා තියෙද්දි. ටෙන්ඩර් මණ්ඩලය දෙපාරක් ලක්දනවි සමාගමටත්, තාක්ෂණික අනු කමිටුව දෙපාරක් windforce දෙන්න කියන නිසාත් ඇමතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කලා දෙකටම දෙන්න තිබුනොත් හොදයි කියලා. එසේ නැතිවුණොත් 2021 දී එන්න තියෙන බලාගාරයකුත් අපට නැති වෙනවා. මේක තමයි ඇත්ත තත්ත්වය" යැයි පැවසීය.

මෙම විවෘත මාධ්‍ය සාකච්ඡාව සදහා ජර්මානු තානාපති නියෝජිතයන්, ඇමරිකානු තානාපති නියෝජිතයන්, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන, windforce , LTL, යන සමාගම්වල නියෝජිතයන් සහ දූෂණ විරෝධී සංගමයේ නියෝජිතයන්ටද ආරාධනා කර තිබිණි.