බොරැල්ල රථවාහන ස්ථානාධිපති යටකර පළායාම : මහින්දානන්දගේ පුතත් අත්අඩංගුවේ !

බොරැල්ල රථවාහන ස්ථානාධිපති යටකර පළායාම : මහින්දානන්දගේ පුතත් අත්අඩංගුවේ !

බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථයේ රියදුරු හා ලියාපදිංචි හිමිකරු පොලීසියට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම මේ වන විටත් එම සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුතා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

තවද අත්අඩංගුවට ගෙන සිටින පිරිස අතර පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකුද සිටින අතර එම පොලිස් අධිකාරීවරයා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත සේවය කරන නිලධාරියෙකු බවද පොලිසිය පවසයි.

අනතුරකට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තිබී ඊයේ(24) සොයා ගැනුණු අතර සි.සි.ටිවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී බත්තරමුල්ල පැලවත්ත පැගෝඩා ගාඩ්න් හි අංක 727 දරණ ස්ථානයේ ගාල් කර තිබියදී එම ඩිෆෙන්ඩර් රථය පොලීසිය විසින් සොයා ගනු ලැබීය.

බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පලා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් එම ඩිෆෙන්ඩර් රථයේ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු ගමන් කර ඇතැයිද වාර්තා වෙයි.

අත්අඩංගුවට ගනුලැබූ සැකකරුවන් අද(25) දින අළුත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනතුරෙන් ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණ අතර, ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න