මහින්දානන්දගේ පුතාට අදහාගත නොහැකි ඇපයක් : තීන්දුව දෙනවිට මාධ්‍යවෙදීන්වත් ඉවත් කරලා !

මහින්දානන්දගේ පුතාට අදහාගත නොහැකි ඇපයක් : තීන්දුව දෙනවිට මාධ්‍යවෙදීන්වත් ඉවත් කරලා !

බම්බලපිටියේදී බොරැල්ල රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර යටකර පළාගිය රිය අනතුරට අදාළව අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුතා වන රවිශ්ක බණ්ඩාර අලුත්ගමගේඇතුළු පිරිසට ඇප ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු තෙත්තිකුමාර කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

මෙහිදී මහේස්ත්‍රාත් වරයා ඇප ලබාදීමේ තීන්දුව ලබාදී ඇත්තේ අධිකරණ පරිශ්‍රයේ සිටි මාධ්‍යවේදීන් පවා ඉවත්කර බවත් වාර්තා වෙයි.

ඒ අනුව දැනට මෙම අනතුරට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර හත්ව සිටින්නේ අනතුර සිදුවන අවස්ථාවේ රථය පැදවූ බවට ඉදිරිපත්ව සිටින රියදුරා පමණි.

මේ ලබාදී ඇති තීන්දුව සම්බන්ධව සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළ බරපතල විවේචනයක් මතුව ඇති අතර ඒ රිය අනතුර හේතුවෙන් බරපතල තුවාල ලබා සිටින පොලිස් පරීක්ෂක ආනන්ද සාගර තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙම ඇප ලබාදීම සිදුකර තිබීමය.

එසේම අදාළ පිරිස අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිට ඇති බවත් අනතුර සම්බන්ධව ඇති cctv දර්ශන පවා නොතකා මෙම තීන්දුව ලබාදීම සැකසහිත බවද එහි සඳහන්ව ඇත.

තවද අනතුර සිදුකළ WP FZ 9143 දරණ ඩිෆෙන්ඩර් රථය ඒ අවස්ථාවේ පදවා ඇත්තේ මහින්දානන්ද මන්ත්‍රීවරයාගේ පුතා බවත් මේ පිරිස මත්පැන් පානය කර ඇත්තේ බම්බලපිටියේ 'හොටෙල් මවුන්ට් පික්' නමැති ස්ථානයේ දී බවත් මාධ්‍ය වාර්තා වල දැක්වේ.

මෙකී නඩුවේදී පොලිසිය අගතියට පත් තම සහෝදර රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර මහතා වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට මහින්දානන්ද මන්ත්‍රීවරයාගේ පුතා ඇතුළු පිරිසට ඇප ලබාදීමට පහසුකම් යෙදවූ බවට අධිකරණයට ඉදිරිපත්වූ පොලිසියේ රථ වාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ වෙතද විවේචන එල්ලවී තිබේ.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ප්‍රබල දේශපාලන හස්තයක මැදිහත්වීම හරහා මෙම ඇප ලබාදීමේ ක්‍රියාවලිය දියත්ව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න