සිරිසේනගේ කල් මැරීම නිසා සත්‍ය හා සංහිදියා කොමිසම තවත් කල්යයි !

සිරිසේනගේ කල් මැරීම නිසා සත්‍ය හා සංහිදියා කොමිසම තවත් කල්යයි !

සත්‍ය හා සංහිදියා කොමිසමක් පත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ඊයේ (26) පැවති කැබිනට් හමුවේදී දෙවන වරටත් කල් දැමීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට යෝජනාව සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට ජනාධිපති සිරිසේන විසින් ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් කියා තවදුරටත් කල් ඉල්ලා සිටිම ඊට හේතුවී තිබේ.

සත්‍ය හා සංහිඳියා කොමිසමක් පත් කිරීම සඳහා වන කැබිනට් සංදේශය මීට සති දෙකකට ඉහතදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.

මේ අතර එම කැබිනට් සංදේශය සම්බන්ධයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක ද සිය නිරීක්ෂන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණු බවද වාර්තා වෙයි.

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තවදුරටත් කොමිෂන් පත් කිරීම ප්‍රායෝගික නොවන බැවින් ඒ සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැනීම අවශ්‍ය බව චම්පික රණවක මැතිවරයා සිය නිරීක්ෂණ මගින් පෙන්වා දී තිබූ බව ඒ අනුව දැනගන්නට ඇත.

උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසම පරණ ගම කොමිසම,මානව හිමිකම් කොමිසම අතුරුදන් වූවන් පිළිබඳ කොමිසම ආදි කොමිෂන් සභා ගණනාවක් දැනටමත් පත් කර ඇති නමුත් ප්‍රශ්නයකට විසඳුමක් නිසි ලෙස ලැබී නොමැති බැවින් ඊට වසර ප්‍රයෝගික ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයිද ඇමැතිවරයා සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් සඳහන් කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වෙයි.

දැනට අත අඩංගුවේ පසුවන ආරක්ෂක හමුදාවල සහ එල්.ටී.ටී.ඊයේ හිටපු සමාජිකයින් සියලු දෙනා නිදහස් කර මේ ප්‍රශ්නය විසඳාගත යුතු බවද සහ සිය නිරීක්ෂණ මගින් පෙන්වා දී ඇතැයි වාර්තාවේ.

අතුරුදන් වූවන් සඳහා සහතික නිකුත් කිරීම උතුරු හා නැගෙනහිර ඉඩම් නිරවුල් කරනය යනාදිය කඩිනම් කර වසරක කාලයක් ඇතුළත මෙම ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය බවද එහිදී සඳහන්කර ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න