පෞද්ගලික පාසල් සිසුන්ට උසස් පෙළ විභාගයට පෞද්ගලික අපේක්ෂකයන් ලෙස අයදුම්කරන්නැයි විභාග දෙපාර්තමේන්තුවෙන් කර ඇති දැනුම්දීම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරුණු විමසීමක් කර ඇති බව වාර්තා වෙයි.
පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ අයදුම්පත් පාසල් මට්ටමින් යොමු කිරීම මීට පෙර සිදුවූ අතර මෙවර ප්‍රථම වරට එය වෙනස්කරමින් සිසුන්ට පෞද්ගලික අපේක්ෂකයන් සේ අයදුම්කර කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී ඇත.
ඉදිරියේ දී සියලුම පාර්ශ්ව කැඳවා විමර්ශනය සිදු කරන බව ද මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරන අතර මානව හිමිකම් කොමිසම මේ පිළිබඳ විමර්ශන අරඹා ඇත්තේ ඊට අදාලව පළවූ පුවත් වාර්තා සැළකිල්ලට ගැනීමෙන්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
