මංගලගේ දේශපාලන ජීවිතයට වසර 30 යි : සිහිනය වෙනුවෙන් "ඛේමාගේ කොලුවා" උත්සවය හෙටයි !

මංගලගේ දේශපාලන ජීවිතයට වසර 30 යි : සිහිනය වෙනුවෙන් "ඛේමාගේ කොලුවා" උත්සවය හෙටයි !

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන උත්සවය හෙට (28) පස්වරු 3:00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ය.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනුයේ ජාත්‍යන්තර කීර්තිධර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනී සැමැන්තා පවර් මහත්මිය විසිනි.

වසර 1989 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත් වී ආ මංගල සමරවීර මහතා එදා මෙදාතුර ඇමැති ධුර ගණනාවක් දරමින් මාතර පුරවරයේ දියුණුවට විශාල සේවාවක් ඉටුකොට තිබේ.

ගම්දනව්වේ ජනී ජනයාගේ සිට රාජරාජ මහාමාත්‍යාදීන් දක්වා එක සේ ලෙන්ගතුව සමීපව කටයුතු කරන මංගල සමරවීර අමාත්‍යවරයා තම දේශපාලන ජීවිතයේ වැදගත්ම සමරුවකදී එහි ප්‍රධාන දේශනය පැවැත්වීමට සැමැන්තා පවර් මහත්මිය තෝරාගනු ලැබුවේ දෙදෙනා අතර රාජ්‍යතාන්ත්‍රිකව හා පෞද්ගලිකවත් පවතින දැඩි මිතුරුදම නිසාවෙනි.

ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය මත රට ගොඩනැගිය යුතුය යන තිර අධිටනේ සිට සිය දේශපාලන දිවිය පෝෂණය කල සමරවීර අමාත්‍යවරයාගේ මෙම සැමරුම් උළෙල සිහිනය වෙනුවෙන් "ඛේමාගේ කොලුවා" නමින් සංවිධානය කොට ඇත.

30 Sinhala

30 Eng

30 Tamil

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න