FCID ලොක්කා රවී ගෙදර යවයි : සිරිසේනගේ තීරණයක් !

FCID ලොක්කා රවී ගෙදර යවයි : සිරිසේනගේ තීරණයක් !

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර එම තනතුරෙන් ඉවත් කිරීමට නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය තීරණය කර ඇති අතර ඒ සඳහා ඊයේ (26) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 22 සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරගේ සේවය අවසන් කර ඇති බව වාර්තා වෙයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර එම තනතුරේ කටයුතු කළේ කොන්ත්‍රාත් පදනම මත වන අතර එම තනතුරට අනුප්‍රාප්තිකයෙක් පැමිණෙන තෙක් පමණක් ඔහුට සේවා දිගුවක් ලබාදීමටද කටයුතු යෙදී තිබිණ.

එසේම මේ වන විට එම තනතුර සදහා නිලධාරියෙක් පත් කර ඇති බව නීතිය හා සාමය අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරන නමුත් ඒ කවුද යන්න අනාවරණය කර නොමැත.

කෙසේ වුවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර භාවිතා කළ මෝටර් රථය සහ නිවස භාරදෙන මෙන් නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය දන්වා ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න