ලිට්ට්‍රෝ ප්‍රශ්නය අවසන් : ඇමති අණින් ප්‍රශ්නගත අධ්‍යක්ෂවරයා ඉවතට !

ලිට්ට්‍රෝ ප්‍රශ්නය අවසන් : ඇමති අණින්  ප්‍රශ්නගත අධ්‍යක්ෂවරයා ඉවතට !
ලිට්ට්‍රෝ  ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පත්කරනු ලැබූ ෂන්මුගසුන්දරම් දේවනායගම් මහතා වහාම එම ධුරයෙන් ඉවත් කරන්නට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අමාත්‍යංශය වෙත දන්වා ඇතැයි වාර්තා වෙයි.
 
අමාත්‍යවරයාට සමීප ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අද (05) පෙරවරුවේ අමාත්‍ය මංගල සමරවීර මෙම දැනුම්දීම සිදුකර ඇති අතර ඒ ෂන්මුගසුන්දරම් දේවනායගම් මහතා සම්බන්ධව පළවූ මාධ්‍ය වාර්තා සැළකිල්ලට ගැනීමෙන් අනතුරුවය.
 
මීට පෙර සමාජ ජාල වෙබ් අඩවි කිහිපයක්ම ෂන්මුගසුන්දරම් දේවනායගම් මහතා ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීම විවේචනය කොට පුවත් පළකර තිබිණ. 
 
එහිදී සඳහන්ව තිබුණේ 2018 වසර දක්වාම ලිට්ට්‍රෝ  ගෑස් සමාගමේ LPG ගෑස් සැපයුම් කරු වන OTI (ඕමාන් ට්‍රේඩිං ඉන්ටර්නැෂනල් ) සමාගමේ බලය ලත් දේශීය නියෝජිතයා වශයෙන්  ෂන්මුගසුන්දරම් දේවනායගම් (මුරුගේෂ් ) නැමැත්තා කටයුතු කර තිබීම සහ පසුව ඔහුව  ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම ගැටළු සහගත බව සඳහන් කරමින්ය.
 
ඒ අදාළ පත් කිරීම හරහා LPG ගෑස් ආනයනයේදී විශාල වශයෙන් වංචා සිදුවිය හැකි අතර OTI සමාගමට පමණක් අයතා වාසි ලැබීමට ඉඩ ඇති බව පෙන්වා දෙමින්ය.
 
මෙම මාධ්‍ය අනාවරණය සම්බන්ධව සොයා බැලීමෙන් පසුව මංගල සමරවීර අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති අතර ඒ සම්බන්ධව ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට අදාළ පුද්ගලයා යෝජනා කර එවනු ලැබූ අමාත්‍යවරයා වෙතද ඒ බව දැන්වූ බවත් අප ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න