අයවැය ගැන ශ්‍රීලනිප ස්ථාවරය මහින්ද අතේ !

අයවැය ගැන ශ්‍රීලනිප ස්ථාවරය මහින්ද අතේ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජිත අයවැයට පක්ෂ වනවාද විරුද්ධ වනවාද යන්න තීරණය කිරීම විපක්ෂනායක මහින්ද රාජපක්ෂගේ තීන්දුව අනුව තීරණය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ජනාධිපති වැය ශීර්ෂයට පමණක් පක්ෂව ජන්දය ලබාදී අනෙක් අමාත්‍යංශ වැය ශීර්ෂ වලට විරුද්ධව කටයුතු කල යුතු බවට ජනාධිපති සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර එකඟතාවක් ඇතිව තිබෙන බවය.

එසේම අයවැය සම්බන්ධව විපක්ෂනායක මහින්ද රාජපක්ෂගේ තීරණය දැනුම්දීම අද (05) පස්වරුවේ නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැනගන්නට ලැබෙනු ඇති බවද එම ආරංචිමාර්ග පවසයි.

මේ බව ඊයේ (04) කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ද තහවුරු කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න