vi පරාක්‍රමබාහුට පසුව රට සහලින් ස්වයං පෝෂිත කළේ අපි - අගමැති

vi පරාක්‍රමබාහුට පසුව රට සහලින් ස්වයං පෝෂිත කළේ අපි - අගමැති

තමන් කෘෂිකර්මාන්තයට කැමති නොමැති බවට ඇතැම් අය ප්‍රකාශ කළත් හයැවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසුව රට සහලින් ස්වයං පෝෂිත කළේ තම පාලන කාලයේදී බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය.

බිංගිරිය අපනයනය සංවර්ධන කලාපය ඉදිකිරීමේ පළමු අදියරට ඊයේ (04) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

“මොකක්ද මේ දොඩවන්නේ මම කෘෂිකර්මාන්තයට කැමති නෑ කියලා. හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ මමයි මේ රට සහල්වලින් ස්වයංපෝෂිත කළේ. ඒක පටන් ගත්තේ ඩී.එස්. සේනානායකයි, ජේ.ආර්. ජයවර්ධනයි.

ගිය අවුරුදු 27/28 මොකක්ද අපිට සිදුවුණේ. කොහෙද අපට වැරදුණේ. ඒකයි අපිට හිතන්න ඕන. රට දියුණු කිරීමේ අභිගෝය තමයි බාර අරගෙන තිබෙන්නේ.

අපි 2015 ආණ්ඩුව ඇතිකරලා මම මලික් සමරවික්‍රම මහතාගෙන් ඇසුවාම වෙළඳ කලාපයක් ආරම්භ කරමුද කියලා ඔහු කිව්වේ තිබෙන ඒවා හිස් කියලයි.

අපේ මහදැන මුත්තා ආරම්භ කරපු මිරිජ්ජවිල කර්මාන්ත 10ක් වත් තිබුණේ නෑ. අක්කර 600ක් තිබුණා හිස් වෙළඳ කලාප 14ක. මම එතුමට කිව්වා ඒක පුරවන්න කියලා. තව අක්කර 25ක් තිබෙනවා.

බිංගිරිය ආරම්භ කළ ආයෝජන ප්‍රවර්ධන කලාපය අක්කර 1200කින් අවසන් කරනවා. අපි ආරම්භ කරපු වෙළඳ කලාපවලට වඩා විශාල එකක් මේක. මේක විශාලම එක වෙන්නේ නෑ. අක්කර 4000ක් වෙන්කරලා තිබෙනවා ත්‍රිකුණාමලයේ. අක්කර 5000ක් වෙන කර තිබෙනවා හම්බන්තොට. අක්කර 10000ක් තිබෙනවා මොනරාගල. අක්කර 1000කට වඩා වැඩියි කලුතර අක්කර 100ක් තිබෙනවා. මාවතගම. අක්කර 600ක් පරීක්ෂාකරනවා කුලියාපිටියේ.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න