අයවැයෙන් ආණ්ඩුව ගෙදර යවන හැටි මහින්ද කියයි !

අයවැයෙන් ආණ්ඩුව ගෙදර යවන හැටි මහින්ද කියයි !

මෙවර අයවැය පරාජයට පත් වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා සිටියි.

පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ බව සදහන් කර තිබේ.

මෙහිදී ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත්තේ මැතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව අයවැය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවය.

ඔක්තෝබර් 26 අමතක වෙලා !

විපක්ෂ නායකවරයාගේ මේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුවේ ප්‍රකාශකයකු සදහන් කර සිටියේ පසුගිය වසර අවසාන භාගයේ ගෙනෙන්න තිබූ 2019 අයවැය මේ අප්‍රේල් දක්වා කල්ගිය හේතුව මහින්ද රාජපක්ෂ අමතක කරන්න අසාර්ථක උත්සාහයක් ගන්නා බවයි.

විවිධ බාධා රැසක් මධ්‍යයේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ආර්ථිකය ගොඩනගා ගෙන ඉදිරියට ගත් බවත් ඒ දැක භීතියට පත්වූ සිරිසේන - මහින්ද අශුද්ධ සන්ධානය ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් දියත්කර සියල්ල කනපිට පෙරලූ බවඩ එම ප්‍රකාශකයා සිහිපත් කරයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ දින 52ක් තුල වසර ගණනක් පසුපසට යැවුනු ආර්ථිකය අපහසුවෙන් ගොඩනගා ජනතාවට එහි ප්‍රතිඵල දෙන්න යන විට මහින්ද මහතා ජනතාව ට ප්‍රතිලාභ දෙන අයවැය පරාජය කිරීම සහ ආණ්ඩුව ගෙදර යවන විකාර කතා කියන බවය.

එහෙත් රාජපක්ෂ අයවැය බොහෝ දෙනෙකුට අමතක නැති බවත් එය සුනඛ ආහාර මිල කිහිප ගුණයක් අඩුකර අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමුණු අයවැයක් බවද ඔහු පෙන්වා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න