බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව දෙන්න - රවීගෙන් තවත් ලියුමක්

බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව දෙන්න - රවීගෙන් තවත් ලියුමක්

බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තාවේ පිටපතක් තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් ඔස්ටින් මුණසිංහ වෙත අද (08) නැවතත් ලිපියක් යොමුකරන්නට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

මීට පෙරද රවී කරුණානායක මන්ත්‍රීවරයා බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තාවේ පිටපතක් ඉල්ලා ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබු අතර මෙවර ලිපිය යොමුකර ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ වන විධිවිධාන අනුවය.

වාර්තා වන ආකාරයට අදාළ කොමිසමේ වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් වෙත යැවූ පළමු ලිපියට කිසිඳු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙසේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ දෙවන වරටත් එම ඉල්ලීම ඉදිරිපත් කරන්නට මන්ත්‍රීවරයා තීරණය කර ඇත.

මේ අයුරින් දිගින් දිගටම බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තාවේ පිටපතක් ඉල්ලීම සඳහා රවී කරුණානායක මන්ත්‍රීවරයා කටයුතු කරමින් සිටින්නේ ජනාධිපතිවරයා විසින් කොමිසමේ නිර්දේශයන්ට අදාළව සිදුකළ විශේෂ මාධ්‍ය ප්‍රකාශයේ ඔහුගේ නම සඳහන්වීම සහ එය පදනම් කරගෙන බැඳුම්කර ගනුදෙනුව සඳහා මන්ත්‍රීවරයාගේ ද සම්බන්ධයක් ඇති බවට විශාල මාධ්‍ය ප්‍රචාරණයක් සිදුවීම හේතුවෙනි.

ඒ සම්බන්ධව අවස්ථා කිහිපයකදීම මන්ත්‍රීවරයා අදහස් දක්වා තිබු අතර එහිදී සඳහන් කරන්නට යෙදුණේ තමන්ගේ පවුලේ උදවිය සිදුකළ පෞද්ගලික ගනුදෙනුවක් කොමිසම විසින් බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ කර ඇති බවක් පෙනෙන්නට ඇති බවත් එහෙත් එම ගනුදෙනුව සහ බැඳුම්කරය අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බවය.

එසේම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය බැඳුම්කර කොමිසමේ නිර්දේශ සම්බන්ධව තෝරාගත් කරුණු කිහිපයක් මත පදනම්ව සිදුව ඇති බවත් ඒ පසුබිමේ නිකරුණේ චෝදනාවන්ට ලක්නොවී සමස්ථ වාර්තාවම ප්‍රසිද්ධ කිරීම වැදගත් සහ ඊට අදාලව තමන්ට අයිතියක් ඇතිවී තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබිණ.

{gallery}ravi_letter{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න