මහ බැංකු අධිපති කැනේඩියානු පුරවැසියෙක් - පස්සේ ප්‍රශ්න ආවත් කරන්න දෙයක් නෑ

මහ බැංකු අධිපති කැනේඩියානු පුරවැසියෙක් - පස්සේ ප්‍රශ්න ආවත් කරන්න දෙයක් නෑ

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය සඳහා වෙනත් රටවල නිත්‍ය පුරවැසියන් යොදාගැනීම හේතුවෙන් මහ බැංකුව සම්බන්ධව කොතරම් ප්‍රශ්න පැමිණියත් ඊට අදාළව නීති කටයුතු සිදුකිරීමේදී අර්බුද රැසක් මතුවීමේ අවධානමක් ඇති බව වාර්තා වෙයි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ නිත්‍ය පුරවැසියෙකු බවත් ඔහු ඉවත්කර මහ බැංකුවේ අධිපති ධුරය සඳහා පත්කළ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කැනඩාවේ නිත්‍ය පුරවැසියකු බවත් පෙන්වා දෙමින් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සඳහන් කර සිටින්නේ මේ නිත්‍ය නොවන පුරවැසියන් සඳහා මෙරට නීතිය බලාත්මක කිරීමට හැකි වන්නේ ඔවුන් මෙරට සිටින විටදී පමණක් වන බවය.

ඒ පිළිබඳ අදහස් දක්වන නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ නීතියේ ආදිපත්‍යට යටත් වන්නේ සියලු ශ්‍රි ලාංකික පුරවැසියන් පමණක් බවත් එහෙයින් මෙරට පුරවැසියන් නොවන පුද්ගලයන් මෙරටින් පිටවයාමෙන් පසුව ඔවුන් ගෙන්වා ගැනිම හෝ ප්‍රශ්න කිරිම ඔහු හෝ ඇය ගේ පුරවැසිභාවය හිමි රටේ නීතියට හෝ ජාත්‍යන්තර ප්‍රඥප්තින්ට යටත්ව සිදු කරන්නට වන බවය.

ඒ අනුව හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බැවින් ඔහු මේ වනවිට ශ්‍රී ලංකාවෙන් බැහැරව තම8c932a39e17b7dffa1a2269b566245fe XL මව් රට වන සිංගප්පූරුව බලා වහාම පිටත්ව ගොස් තිබෙන බවත් ඉදිරියේ ශ්‍රීලංකාවේ පොලිසියට ඔහුගෙන් කට උත්තරයක් ලබා ගැනිමට පවා සිංගප්පූරු රජයෙන් අවසර ගත යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.

එහෙයින් කිසි කලෙක ඔහුට බැදුම්කර කොමිසම මගින් තීරණය කොට ඇති නිර්දේශ අනුව අධිකරණ කටයුතු ශ්‍රීලංකාව තුල සිදු කිරීම හිතන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවෙනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

මෙම තත්ත්වය තවත් දරුණු වනුයේ ඔහු මහා බැංකුවේ අධිපති ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු එම තනතුරට පත් කලේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි නිසා වන බවත් අදට ඔහුගේ වයස අවුරුදු 68 ක් වන පසුබිමේ පසුකාළීනව කුමන අර්බුදයක් ඔහු සම්බන්ධව ඇති වූවත් ඔහුගේ වයවෘද්ධ බව සලකා එරට රජයන් මෙරටට එවීම ප්‍රතික්ෂේප කිරීමටද ඉඩ ඇති බවද නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි.

සමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයකු විශ්‍රාම ගනු ලබන උපරිම වයස අවුරුදු 60 දී බවත් ඒ පසුබිමේ ලෝකයේ අනික් කෙලවරේ තිබෙන රටක් වන කැනඩාවේ නිත්‍ය පුරවැසියෙකුව සේවයේ යොදවා ගැනීමේ අවධානම රජය දැරිය යුතු බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ අතර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවූ බව මුලදීම හෙලි වු බැව් කෝප් කොමිටියේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා කරුණු සහිතව පසුගිය සිකුරාදා (05 ) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කලේ ය.

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න