මාධ්‍ය ලොක්කෙක් අර්ජුන් ඇලෝසියස්ට පොලු තියලා !

මාධ්‍ය ලොක්කෙක් අර්ජුන් ඇලෝසියස්ට පොලු තියලා !

බැඳුම්කර සිද්ධිය සම්බන්ධය හරහා ප්‍රසිද්ධියට ලක්වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සහ එහි හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාට විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානියකු 'පොලු තබා ඇති' බව 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය වාර්තා කරයි.

තම සමාගම සතු රුපවාහිනී හා ගුවන් විදුලි නාලිකා වල අයිතිය ලබාදෙන බව පවසමින් එම ව්‍යාපාරිකයා අර්ජුන් අලෝසියස් මහතා ගෙන් රුපියල් කෝටි ගණනක් මුදලක් ලබාගෙන, මේවනවිට මගහරිමින් සිටියි.

එසේ මගහරිමින් සිටින්නේ, මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම ගනුදෙනුවට විරුද්ධ බව පවසමිනි.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු හෙළිවීමත් සමග දේශපාලනඥයන්, සහ රාජ්‍ය නිළධාරීන් රැසක් අර්ජුන් ඇලෝසියස් මහතා රවටා මුදල් ලබාගෙන ඇති බවද එම පුවත් වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන්වේ.

මේ අතර මහ බැංකුව විසින් ඇලෝසියස් මහතාට අයත් රුපියල් මිලියන 1,200 ක මුදලක් මහ බැංකුවේ රඳවාගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න