ඩිලාන්ට තියන හදිස්සිය ජී.එල් ප්‍රතික්ෂේප කරයි !

ඩිලාන්ට තියන හදිස්සිය ජී.එල් ප්‍රතික්ෂේප කරයි !

තමන්ගේ වැය ශීර්ෂය පරාජය කරන කිසිදු විශ්වාසයක් නොමැති ආණ්ඩුවක් සමඟ ජනාධිපතිවරයාට යා නොහැකි බවත් එම නිසා නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ක්‍රියා කිරීමට ජනාධිපතිතුමාට කිසිදු බාධාවක් නොමැති බවත් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා ලෙස ආණ්ඩුවේ ප්‍රධානියා වන නිසා ආණ්ඩුවේ ප්‍රධානියාගේ වැය ශීර්ෂය පරාජයට පත් කළහොත් අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය අහෝසි වන බවත් ඒ අනුව නව අගමැතිවරයකු සමඟ නව ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට හැකි බවත් එහිදී ඔහු සඳහන් කර ඇත.

පොහොට්ටුව වෙනම අදහසක !

කෙසේ වුවත් ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොහොට්ටු පක්ෂයේ සභාපති ජී.එල්. පීරිස් පවසා සිටියේ අයවැය පරාජය කළත් මහ මැතිවරණයකින් තොරව ආණ්ඩුවක් භාර ගැනීමේ කිසිඳු සූදානමක් තම පාර්ශවයට නොමැති බවය.

මෙම මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ද සහභාගීව සිටි අතර තම අපේක්ෂාව මහ මැතිවරණයක් ජයග්‍රහණය කර ආණ්ඩුව පිහිටුවීම බවද එහිදී අවධාරණය කෙරිණ.

ශ්‍රීලනිපයේ විවිධ මත !

කෙසේ වුවත් ඊයේ (12) සන්ද්‍යාවේ පැවති අයවැය දෙවන වරට කියවීමට අදාළ ජන්ද විමසීමේදී ශ්‍රීලනිප පාර්ශවය නිශ්චිත අදහසක් නොමැතිව පාර්ලිමේන්තුවේදී හැසිරෙනු දක්නට ලැබුණි. ඒ පිරිසක් අයවැය ජන්ද විමසීමට විරුද්ධව කතා කරන අතර තුරේ තවත් පිරිසක් අයවැයට පක්ෂව ජන්දය ප්‍රකාශයට පත්කිරීමය.

එසේම තවත් පිරිසක් ඊයේ දින පාර්ලිමේන්තුව වර්ජනය කර තිබිණ. ඒ අනුව පොහොට්ටු පක්ෂය නියෝජනය කරන පාර්ශවයේ පවා අදහස වී ඇත්තේ අනෙක් සෑම අවස්ථාවකදී වගේම මෙවර අයවැය හමුවේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස එකට සිටීමට නොහැකිව අර්බුදයට පත්ව ඇති බවය. එවැනි පක්ෂයක් තම පාර්ශවයෙන් ජනාධිපති අපේක්ෂකත්වය පැතීම හාස්‍යක් බවත් පොහොට්ටු පාර්ශවයේ අදහස වී තිබේ.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න