ජනාධිපති වැය ශීර්ෂයට: ෆොන්සේකාගේ සහය නෑ !

ජනාධිපති වැය ශීර්ෂයට: ෆොන්සේකාගේ සහය නෑ !

තමන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණ විසින් 2015 වසරේ ජයග්‍රහණය කරවූ මෛත්‍රී චින්තනය දැන් අපිට පිටිපස්සෙන් සිටිමින් පිහියෙන් අනින බවත් එවැනි අයෙකුගේ වැය ශීර්ෂයට පක්ෂව ජන්දය ලබාදීමට තමන්ට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර "" දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. එක පුද්ගලයෙක් රජයට ඇඟිලි ගසනවා. හොඳ වැඩක් කරන්න ගියාම ජනපති කකුළෙන් අදිනවා. ජනපති සමග පුද්ගලික තරහක් නෑ" යනුවෙන්ද ඔහු පැවසීය.

මෙහිදී දක්නට ලැබුණු විශේෂ සිදුවීමක් වූයේ ජනපති සිරිසේන පිළිබඳව දැඩි විවේචනයක් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සිදු කිරීමය.

එහිදී පෞද්ගලික පළිගැනීමක් සිදුකරමින් තමන්ට හිමි අමාත්‍යධුරය අහිමි කිරීම ඇතුළුව කාරනා කිහිපයක් ගැනම මන්ත්‍රීවරයා සිහිපත්කළ අතර එවැනි අයෙකුගේ වැය ශීර්ෂයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී තමන් අත නොඋස්සන බවත් ඔහු සඳහන් කළේය.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න