සිරිසේනගේ වැය ශීර්ෂයට නම් ජන්දය දෙන්න මට බෑ - සිඩ්නි

සිරිසේනගේ වැය ශීර්ෂයට නම් ජන්දය දෙන්න මට බෑ - සිඩ්නි

පක්ෂ නායකත්වය තීන්දු කල නිසා එදා පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවේ පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන මහතාට සහය දුන් නමුත් එදා වන විටත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් ඔහු දෙස බැලුවේ සතෙක් දෙස බලන ආකාරයට බවත් ඒ ඔහු ඊට පෙර එජාප පාක්ෂිකයන්ට සැළකු ආකාරය නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයසේකර පවසයි.

අයවැය විවාදයේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අද (13) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කල අතර තමන් පළමුව මහ මැතිවරණයකට ඉදිරිපත්වූ 2000 වසරේ දී ජනාධිපතිගේ සහල් මෝල් හිමි සහෝදරයා තමන්ට සහයදීමට පෝස්ටර් අලවමින් සිටි බාල සොහොයුරාව පාප්ප බාල්දියකින් නැහැවූ බවත් කළේය.

ජනාධිපතිවරණය අවස්ථාවේ සිරිසේන ජනාධිපති කිරීමට පොළොන්නරුවේ වැඩියෙන්ම වෙහෙසවූ තමන් අද ජනාධිපතිගේ කටයුතු නිසා වැඩියෙන්ම දුෂ්කරතාවට පත්ව සිටින මන්ත්‍රීවරයාව සිටින බවද ඔහු පැවසීය.

තවද මේ වන විට අයවැයෙන් බිලියන ගණනක් වෙන්කරගෙන ඇති ජනාධිපති සිරිසේන තම පෞද්ගලික ප්‍රතිරූපය නංවා ගැනීම වෙනුවෙන් විවිධ වරදාන දෙමින් වෙනම ගමනක් යන බවත් එබැවින් කිසිඳු ආකාරයකට කවුරු මොන තීරණය ගත්තත් ජනාධිපති සිරිසේනගේ වැය ශීර්ෂයට පක්ෂව ජන්දය ලබාදීමට තමන්ට නොහැකි බවද ඔහු පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න