ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ඡා සාර්ථකයි : සිරිසේනට කොළ එළියක් !

ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ඡා සාර්ථකයි : සිරිසේනට කොළ එළියක් !

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අද (14) පැවති පළමු නිල සාකච්ඡා සාර්ථකව අවසන් වූ බව එම පාර්ශව සඳහන් කරයි.

මෙහි දෙවැනි සාකච්ඡාව එළැඹෙන 21 දා පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ද පවසයි.

වාර්තා වන ආකාරයට සාකච්ඡාව සඳහා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයින් පෙරවරු 10.15ට පමණ විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණ ඇත.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහභාගීව ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජි.එල් පිරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහභාගීවූ බවත් වාර්තා වෙයි.

සිරිසේනට කොළ එළියක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර නිල සන්ධානයක් ඇතිකර ගැනීම වෙනුවෙන් වූ මෙම සාකච්ඡාවට පෙර ඊයේ (13) පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මාධ්‍ය හමුවක අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මීළඟ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වත්මන් ජනාධිපති සිරිසේනව නම් කලද ප්‍රශ්නයක් නැති බවය.

එම ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ වරයෙක් නොවන කෙනෙක් නම් කලද එම අපේක්‍ෂකයා වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් බවය.

කෙසේ වෙතත් අපේක්‍ෂකයා කවුරුන් වුවද ඔහු එම ජනාධිපතිවරණය ජයගත හැකි පුද්ගලයෙක් විය යුතු යයිද ඒ එහිදී බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න