ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති.
වාර්තා වන ආකාරයට ආයතනයේ සේවකයන් විසින ඊයේ (18) වෘත්තිය සමිතියක් ආරම්භ කර ඇති අතර එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ සේවකයන් 15 දෙනෙකුගේ සේවය මෙසේ තහනම් කර ඇත.
ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කරන සේවකයන් 300කගෙන් 270ක පමණ පිරිසක් මෙම වෘත්තීය සමිතිය හා එක්ව තිබේ. වැඩ තහනම් කර ඇති පිරිස අතර එම වෘත්තීය සමිතියේ සභාපති, ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලය හා ඊයේ ඔවුන් පැවැත්වූ රැස්විමේදී අදහස් ප්‍රකාශ කළ පිරිසද වන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සේවය තහනම් කර ඇති පිරිස පොලීසියට පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඔවුන් කම්කරු කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡාවකටද එක්ව තිබේ.
මේ වන විට එසේ වැඩ තහනම් කර ඇති සේවක පිරිසේ නාම ලේඛනයක් අප වෙත ලැබී ඇති අතර ඒ පහත දැක්වෙයි.


