නොරෝච්චෝල ප්‍රශ්නය අවසන් !

නොරෝච්චෝල ප්‍රශ්නය අවසන් !

නොරෝච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක සිදුවූ බිඳ වැටීම අද (19දා) දහවල් වන විට යථා තත්වයට පත් කිරිමට හැකිවනු ඇතැයි විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසයි.

ලක් විජය බලාගාරයේ දෙවන අදියරේ විදුලි පරිපථවල සිදුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ (18දා) දහවල් වල විට එහි විදුලිය බිඳ වැටීම සිදුවිය.

මෙම විදුලි බිඳ වැටිම හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ ගනණාවක පැය දෙක සහ පැය බැගින් අවස්ථා කිපයකදි විදුලි සැපයුම නවතා දැමීමටද කටයුතු කෙරිණි.

මේ පිළිබදව නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රජීත් ගාල්ලගේගෙන් කළ විමසිමේදි ඔහු සඳහන් කළේ ,

“ මෙම ජනන යන්ත්‍ර තුනෙන් දෙවන අදියරේ යන්ත්‍රයක සිදුවූ පරිපථ වල බිදවැටිම ශ්‍රී ලාංකික ඉංජීනේරුවන් විසින් නිදි වරමින් 18 රාත්‍රියේ සිට 19 අළුයම දක්වා යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. දැනට තිබෙන තත්වයත් සමග 19 දහවල් 12 න් පසුව යථා තත්වයට පත් වනු ඇතැයි අපිට විශ්වාසයක් මේ වන විට තිබෙනවා” යනුවෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න