දයාසිරිට ලංසාගෙන් කුණු බැනුම් !

දයාසිරිට ලංසාගෙන් කුණු බැනුම් !

ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ට බැනවැදීම සම්බන්ධව රාජපක්ෂ පාර්ශවයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාව පසසා ඇතැයි වාර්තා වෙයි.

එහිදී මන්ත්‍රීවරුන් සදහන් කර ඇත්තේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ශ්‍රිලනිප මහ ලේකම් ධූරය ලබාගැනීමෙන් පසුව තම සීමාව ඉක්මවා කටයුතු කරන බවය.

එසේම ශ්‍රිලනිප ය තුළ පොදුජන පෙරමුණ පාර්ශවය බලවත් බවත් ඒ අමතක කොට ජනාධිපති සිරිසේනගේ හයිය ගෙන කරන කියන දේ හාස්‍යජනක බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලංසා විසින් අමු තිත්ත කුනුහරුපයෙන් බැණ වැදී තිබුණේ ඊයේ (18) පාර්ලිමේන්තු සභා ගැබේදීය.

වාර්තා වන ආකාරයට ඊයේ අනුර ප‍්‍රියදර්ශණ, ලක්‍ෂමන් යාපා, නිමල් ලංසා යන මන්ත‍්‍රීන් තිදෙනා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන කතාබහ කරමින් සිටියවදී දයාසිරි ජයසේකර විසින් ලංසා මන්ත්‍රීවරයා ට චෝදනා කර ඇත්තේ අයවැය විවාදයේදී ශ‍්‍රීලනිප ස්ථාවට සම්බන්දයෙන් මාධ්‍ය වෙත පල කල අදහස් සම්බන්ධයෙනි.

තමන් උසාවි ගොස් එද්දී මාධ්‍ය විසින් කල විමසීමකට පිලිතුරු දුන් බව නිමල් ලංසා පවසද්දී ජයසේකර මන්ත්‍රීවරයා දිගටම ඔහුට දොස් පවරා ඇත.

ඉන් කෝපයට පත් මන්ත‍්‍රී නිමල් ලංසා අමු තිත්ත කුණුහරුපයෙන් සභා ගැබ තුලදීම මහ ලේකම්වරයාට බැණ වැදී ඇති අතර එහිදී දයාසිරි මන්ත්‍රීවරයා එතැනින් ඉවත්ව ගොස් තිබේ.

ඉන් ටික වේලාවකට පසු පාර්ලිමේන්තු ලොබියේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ලක්‍ෂමන් වසන්ත මන්ත්‍රී සමගින් කියා තිබුනේ තමන් චෝදනා කලේ වෙන අයෙකුට වුවත් ලංසා වැරදි තොප්පියක් දමාගත් බවත්ය.

මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා මෑතකදී ජන හමුවක කියා සිටියේ ශ‍්‍රීලනිප හොරිකඩයන් සිටිනා තාක් කල් අයවැය පරාජය කල නොහැකි බවයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න