සිරිසේනට ජ්‍යෙෂ්ඨ අමාත්‍යධුරයක් : ජනාධිපති අපේක්ෂක ගෝඨාට !

සිරිසේනට ජ්‍යෙෂ්ඨ අමාත්‍යධුරයක් : ජනාධිපති අපේක්ෂක ගෝඨාට !

එළඹෙන ජනාධිපතිවරණයේ පොහොට්ටු- ශ්‍රීලනිප සන්ධානයේ අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදී ජනාධිපති සිරිසේනට නව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධුරයක් පිරිනැමීම සම්බන්ධව යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ගෝඨා) පාර්ශවය තුළ සාකච්ඡා වෙමින් තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව යෝජනාව වී ඇත්තේ දෙපාර්ශවයේම ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත්කර ජයග්‍රහණය කරවා අනතුරුව එළඹෙන මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුව හරහා සිරිසේන මහතාට ජේෂ්ඨ අමාත්‍යධුරයක් ලබාදීමය. එසේම එහිදී ජනාධිපති සිරිසේන ඉල්ලා සිටින ඕනෑම අමාත්‍යංශයක් ලබාදීමටද පොදු එකඟතාවක් ඇතිව තිබේ.

තවද අග්‍රාමාත්‍ය ධුරය සඳහා වෙනත් ජ්‍යෙෂ්ඨයකු නම් කිරීමටත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට ද ජේෂ්ඨ අමාත්‍ය ධුරයක් ලබාදීමටද යෝජනාවී තිබේ.

 කෙසේ වුවත් දැනට දෙපාර්ශවය අතර සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමටත් එහිදී පොදු සතුරා ලෙස එක්සත් ජාතික පෙරමුණ තබා ගැනීමටත් ඊට හානිවන ආකාරයේ ප්‍රකාශ ගෝඨා පාර්ශවය වෙතින් නිකුත් නොකිරීමටද තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

 ගෝඨා අතාරින්නෙත් නෑ !

මේ අතර කෙසේ හෝ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ සටන අත්නොහැරීම සඳහා කටයුතු කල යුතු බවටද ගෝඨාභය පාර්ශවය තීන්දු කර ඇති අතර සෑම අවස්ථාවකම ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය මහතා පෙනී සිටිය යුතු බවටද තීරණය කර ඇති බවත් දැනගන්නට ඇත.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අද ලංකාවේ ජනතාවට ගොඩ ඒමට හොදම උත්තරය තමන් බව පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේද ඒ අනුවය.

නාරහේන්පිට ප්‍රදේශයේ විහාරස්ථානයකදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගෝඨාභය මහතා මේ බව සඳහන් කල අතර තමන් ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා ලෙස යුද්දයෙන් පසු කාලයේදී කරන ලද කාර්ය භාරය ගැන ජනතාවගේ පැහැදීමක් ඇති බවත් ජනතාව තමන්ගේ එම කටයුතු නැවත ඉල්ලා සිටින බවත් පෙනී යන බවද ඔහු එහිදී පැවසීය.

තමන් ඉදිරි ජනාධිපතිවරණ කටයුතු සිදු කරන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන පදනම මුල් කර ගනිමින් බවද ඔහු එහිදී කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න