හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඔමානයේ රාජ්‍ය පෞද්ගලික සමාගමක් සමඟ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද(21දා) පාර්ලිමේන්තුවට පැවසීය.
හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර විමසු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසු අතර එම සමාගමට 30% ක කොටස් ලබාදෙන බවද පැවසීය.
මෙහිදී විජේසේකර මන්ත්‍රීවරයා විමසා සිටියේ මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඔමාන් රජය සිදුකරන ව්‍යාපෘතියක් නොවන බවට ඔමානයේ ඛනිජ තෙල් සහ වායු පිළිබඳ අමාත්‍යාංශය සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් කරන ලෙසය.
ඒ සම්බන්ධව ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඩොලර් මිලියන 3.8ක ආයෝජනයකින් මෙම ව්‍යාපෘතිය සිදුකරන බවත් අයෝජන මණ්ඩලය මඟින් මේ පිළිබඳ සම්පුර්ණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිත බවත්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
