Language Switcher

V2025

තවත් ඖෂධ නිෂ්පාදනාගාරයකට මුල්ගල තබයි : 300 කට රැකියා !

ජා-ඇල ඒකල නිවාසිපුර නිවාස සංකීර්ණය අසළ ඉදිකිරීමට යෝජිත 08 වන ඖෂධ හා ආලේපන කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් හෙට (22) පෙරවරු 10.00 ට සිදු කිරීමට කටයුතු යොදා ඇත.

දේශීය පෞද්ගලික සමාගමක් වන “මෙල්වා ෆාමා” සමාගම ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල රුපියල් බිලියන 1.4 කි. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 300 කට මෙමගින් රැකියා හිමි වෙයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම සදහා ආයෝජකයින් 46 දෙනෙකු සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ගිවිසුම් අත්සන් කර ඇත.

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ ආනයනය කිරිම සදහා රුපියල් බිලියන 45 ක මුදලක් වැය කරයි. එම මුදල ඉතිරි කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නිෂ්පාදනය මෙරටදීම ආරම්භ කිරිම සදහා ඖෂධ කර්මාන්ත ශාලා ස්ථාපිත කිරිමට තීරණය කරන ලදි.

ඒ අනුව මහනුවර, හොරණ, රත්මලාන, කළුතර, බුලත්සිංහල යන ප්‍රදේශවල කර්මාන්ත. ශාලා 06 ක් මේ වන විට ඖෂධ නිෂ්පාදනය සිදු කරයි. වසර 2020 වනවිට මෙරටට අවශ්‍ය ඖෂධ සියයට 85 ක් මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා මෙම පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.