කිසිම ජනපති අපේක්ෂකයෙකුට 50%ක් දෙන්නේ නෑ : ජවිපෙන් තගක් !

කිසිම ජනපති අපේක්ෂකයෙකුට 50%ක් දෙන්නේ නෑ : ජවිපෙන් තගක් !

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී කිසිම අපේක්ෂකයෙකුට 50% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට තම පක්ෂය ඉඩ ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

ඒ සඳහා වන තීරණාත්මක තුරුම්පුව ඇත්තේ තම පක්ෂය සතුව බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

විජිත හේරත් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ නුවරඑළියේ පැවති එම පක්ෂ ජනහමුවක් අමතමිනි.

2015දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති පරාජය කරවූ ආකාරයෙන්ම මෙවර ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන් ද පරාජය කිරීමට තම පක්ෂය දැඩිව කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇති අතර වසර 71 ක්ම මෙරට පාලනය කළ කිසිදු පාලකයෙකුට රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් නොතිබූ බවත් රට ගොඩනගන වැඩපිළිවෙළක් ඇත්තේ තම පක්ෂයට පමණක් බවත් පැවසීය.

එසේම තම පක්ෂයට බලය ලබාදෙන්නේ නම් වසර පහකින් රට ගොඩනඟා පෙන්වන බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න