විධායකය අහෝසි කරන : ජවිපෙ - අගමැති සාකච්ඡා හෙට (22)

විධායකය අහෝසි කරන : ජවිපෙ - අගමැති සාකච්ඡා හෙට (22)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ සහ අග්‍රාමාත්‍යවරයා අතර නිල සාකච්ඡාව හෙට (22) පැවැත්වීමට නියමිතව ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අරමුණුකරගෙන ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධය පිළිබඳව මේ වනවිටත් සමාජයේ කථිකාවතක් නිර්මාණය වී ඇත.

මේ අතර පසුගිය දින කිහිපයේදී ජනාධිපති සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සිය එකඟතාව පළකරමින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ සියලුම දේශපාලන පක්ෂ නායකයින් සමඟ නැවත වරක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සාකච්ඡා වටයක් ආරම්භ කරමින් මේ වනවිට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග සහ දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා සිදු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න