ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතක සම අනුග්‍රහාකත්වයෙන් ඉදිරිපත් වූ යෝජනාව ඊයේ (21) ඡන්ද විමසීමකින් තොරව සම්මතව තිබේ.
ශ්‍රී ලංකාව ද ඇතුළුව බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මොන්ටෙනීග්‍රෝ, උතුරු මැසඩෝනියාව සහ උතුරු අයර්ලන්තය යන රටවල් එම යෝජනාවේ සම අනුග්‍රහකත්වය දරනු ලැබිණ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීම යනුවෙන් නම් කර ඇති වාර්තාව එලෙස සම්මත විය. සම්මත වූ එම යෝජනාවෙන් 2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ 30/1 යෝජනාවේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට වසර දෙකක් ලබා දී ඇත.
ඒ අනුව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව අත්පත් කරගන්නා ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර 46 වැනි සැසිවාරයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සිය නිල වාර්තාව පසුගිය 20 වනදා මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ඉදිරිපත් කළාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
