යුධ අපරාධ පිළිබඳව ඇති සියළු චෝදනා යුද්ධය පැවති සමයේ සිදු වු සිදුවීම් නොව ඉන් පසුව සිදු වූ ඒවා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
රට තුළ යුක්තිය ඉටු නොවන්නේනම් එම ගැටලුව රටේ ඕනෑම පුරවැසියෙකුට ජාත්‍යන්තරය ඉදිරියට රැගෙන යෑමේ හැකියාව ඇති බවද ඔහු පවසයි.
කැළණිය පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.
වැරදිකරුවන්ට රට තුළ නීතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් උතුරේ දේශපාලකයන් ඊට එරෙහිව ක්‍රියා කරන බවත් එබැවින් දේශපාලනය මැදිහත් කරගැනීමකින් තොරව රටේ වැරදිකරුවන් වෙනුවෙන් නිසිආකාරව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මෙම ගැටලුව නිරවුල් කරගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
