එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැලිගම ජංගම සේවය අති සාර්ථකයි : දෙවැනි දිනයේත් ජන ගගක් !

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැලිගම ජංගම සේවය අති සාර්ථකයි : දෙවැනි දිනයේත් ජන ගගක් !

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය තව දුරටත් ජනතාවට සමීප කරවීමේ අරමුණෙන් ක්‍රියාත්මක 'එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ඔබේ ගමට' ජංගම සේවාව ඊයේ දින (23) මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් වැලිගම නගර ශාලා පරිශ්‍රයේ දී ආරම්භවූ අතර එය දෙවැනි දිනයටත් අද (24) ඉතා සාර්ථකව පැවති බව වාර්තා වෙයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන ලද 2019 අයවැය මගින් තවදුරටත් ශක්තිමත් කර ඇති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ව්‍යවසායකයන් බිහිකිරීම කඩිනම් කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් ලෙස දිවයින පුරා ජංගම සේවා පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව වැලිගමින් ඊයේ ආරම්භ වූයේ එහි සමාරම්භක අවස්ථාව ය. එහි දෙවැනි දිනයවූ අද ද අති විශාල ජනතාවක් ඊට සහභාගී වු බව වාර්තා වන අතර ඉතා ඉක්මනින් තවත් ජංගම සේවයක් මාතරට එවන ලෙස ද ඉල්ලීම් රැසක් ඉදිරිපත්වී ඇති බවත් දැනගන්නට ඇත.

ස්වයං රැකියාවක්, ව්‍යාපාරයක්. කර්මාන්තයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන ව්‍යවසායකත්ව අරමුණු වලින් යුත් තරුණ ප්‍රජාවට සහනදායී පොලී අනුපාතයක් මත ප්‍රාග්ධනය ලබාදීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

වැලිගම පැවැත්වෙන මෙම ජංගම සේවාවේදී, මෙසේ ව්‍යාපාර හෝ කර්මාන්ත ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට බැංකු මගින් ප්‍රාග්ධන මුදල් ලබාගැනීම පහසු කරනු වස් ඒ පිළිබඳ දැනුවත් කිරීමට අමතරව එදින තම ව්‍යාපාර සඳහා බැංකුව වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය ව්‍යපාර යෝජනා සකස් කිරීමටද සහාය වීමට වැඩපිළිවෙළක් යොදා තිබිණ.

මේ සඳහා විශ්ව විද්‍යාල විද්‍යාර්ථයන්ගේ සහාය ලබාගෙන ඇති අතර, මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්ද පැවැත්වූ අතර ණය අපේක්ෂා කරන පුද්ගලයින් තම ව්‍යාපාර පිළිබඳ මූලික තොරතුරු රැගෙන පැමිණ සිටිනුද දක්නට ලැබිණ.

තවද, ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාෙද්ශීය සංවර්ධන බැංකුවේ ජංගම කාර්යාලයන් මෙම ස්ථානයේදී පැවැත්වෙන අතර, විවිධ ණය යෝජනා ක්‍රම පිළිබඳ අවශ්‍ය අනුමැතිය සහ තාක්ෂණ උපදෙස් ලබාගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය ආයතන වල නියෝජිත කාර්යාලද මෙහිදී ජනතාව වෙත විවෘතව තිබිණි.

විශ්වවිද්‍යාල උපාධිධාරීන් සඳහා ඇරඹුම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ සපයන අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්යාලයක්ද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීමට අදාළව කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ කාර්යාලයක්ද මෙම ජංගම සේවාව තුළ ක්‍රියාත්මක කර තිබීම ද සුවිශේෂී විය.

සංචාරක ක්ෂේත්‍රයට ප්‍රසිද්ධ දකුණු පළාතේ සංචාරකයන් සඳහා සත්කාරක නිවාස (Homestay) පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අයට අදාළ ව්‍යාපෘති අනුමැතිය ලබාගැනීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියේ කාර්යාලයක්ද මෙහි පැවති අතර ව්‍යවසායකයන් හට තම ව්‍යාපාර සඳහා මූලික පහසුකම් සියල්ල එක් වහලක් යටතේ පහසුවෙන් ලබාගැනීමට ඒ හරහා අවස්ථාව උදාකර තිබිණ.

FB IMG 1553433160743 1

FB IMG 1553433164141 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න