සිරිසේන රටේ නායකයා හෝ ශ්‍රිලනිප නායකයා ලෙසවත් පිළිගන්නේ නෑ - සනත් නිශාන්ත

සිරිසේන රටේ නායකයා හෝ ශ්‍රිලනිප නායකයා ලෙසවත් පිළිගන්නේ නෑ - සනත් නිශාන්ත

ජනාධිපති සිරිසේන රටේ නායකයා ලෙස හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස තමන් පිළිනොගන්නා බව එක්සත් ජනතා නිදහස් සංධානයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කරයි.

සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර ඇත.

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත්තේ ලක්ෂ 13ක පමණ ජන්ද ප්‍රමාණයක් බවත්, එම ජන්ද සංඛ්‍යාවෙන් ලක්ෂ දහයක් පමණ පොදුජන පෙරමුණේ නාමයෝජනා ලබා නොදීම නිසා කළකිරීමට පත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැදුනු අපේක්ෂකයින් විසින් ලබාගත් ජන්ද බවත් එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත.

එසේම ඉදිරි මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඉතිරි ලක්ෂ තුනක ජන්ද ප්‍රමාණයත් සිරිසේන මහතාට අහිමි වනු ඇතැයි ඔහු ප්‍රකාශ කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න