අගමැති තුමා රටට දුන් උපන්දින තෑග්ග : සුදු අලි ගොඩගත් කන්ඩුල මෙහෙයුම!

අගමැති තුමා රටට දුන් උපන්දින තෑග්ග : සුදු අලි ගොඩගත් කන්ඩුල මෙහෙයුම!

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ඉතිහාසයේ විශාලතම ආයෝජන ව්‍යාපෘති දෙකක් හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘති දෙකේ මුඵ ආයෝජන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.95 කි.

මෙම ව්‍යාපෘති දෙක මගින් සෘජු රැකියා 10,000 අධික වන අතර වක්‍ර රැකියා ප්‍රමාණය මින් තුන් ගුණයක් පමණ වනු ඇති බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. මින් එක් ව්‍යාපෘතියක් තෙල් පිරිපහදු සංකීර්ණය සම්බන්ධ වන අතර එහි ආයෝජනය ඇ.එ.ඩො. මිලියන 3850 කි.

ආයෝජකයින්

Silver Park International Pte Ltd – Singapore
Sultanate of Oman Ministry of Oil and Gas
බිම් ප්‍රමාණය - අක්කර 200 කි.

අපනයන වෙළඳපොළට අවශ්‍ය ඉන්ධන මෙම කර්මාන්ත ශාලාව විසින් නිපදවනු ලබයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේ කාලය වසර 4 ක් වන අතර පළමු පියවර සඳහා වසර 2 ක් සහ දෙවන පියවර වසර 2ක් ගතවේ. දෙවන අයෝජන ව්‍යාපෘතිය සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම වන අතර ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100.08 මුදලක් ආයොජනය කෙරේ.

ආයෝජකයින්

Ceylon Steel Corporation
Onyx Group of Companies (UAE)

බිම් ප්‍රමාණය - අක්කර 64 ක් පමණ

මෙ මගින් දේශීය ඉදිකිරීමේ කේෂත්‍රයට අවශ්‍ය සිමෙන්ති නිෂ්පාදනය ආරම්භ කරනු ඇති. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට වසර 5 ක් කාලයක් ගත වන අතර පළමු පියවර සඳහා වසර 2 ක් සහ දෙවන පියවර වසර 3ක් ගතවේ.

2004 වසරේ ආරම්භ කළ මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ සමස්ථ බිම් ප්‍රමාණය මෙම ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක කිරිමෙන් පසු අවසන්වේ. මෙම ව්‍යාපෘති දෙකට පෙර මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ සමස්ථ බිම් ප්‍රමාණයෙන් ප්‍රයෝජනයට ගෙන තිබුනේ 20% ක් වැනි ප්‍රමාණයකි. මෙම ව්‍යපෘති දෙක ඇරඹීමත් සමඟ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ කාර්යක්ෂමව සහ සක්‍රිය භාවිතයට ගැනීමට හැකි වන බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න