මේ රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂය රනිල් - විජයමුණි සොයිසා !

මේ රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂය රනිල් - විජයමුණි සොයිසා !

මේ රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බවත් ඒ මහතාගේ ඔළුවෙන් රටට වැඩගත යුතු බවත් රටට ජයග්‍රහණ ලබාගත හැක්කේ ඒ තුළින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වියජමුණි සොයිසා පවසා ඇත.

එසේම ඊයේ (24) පැවති හම්බන්තොට තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට තමන් ද පැමිණියේ සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට බවත් තමන්ගේ ඇඟට ලේ ඉණුවේ ඕමාන රජයේ ඛණිජ තෙල් සහ ස්වභාවික වායු අමාත්‍ය මොහොමඩ් අල් රූමි මහතා දුටු විට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසයි.

තමන් සිතා සිටියේ අලියා දැවැන්ත සතෙක් නමුත් ඌගේ ඇස් කුඩා නිසා ‍ඌට උගේ තරම නොපෙනෙන්නේයැයි කියා නමුත් අලියාගේ තරම දැන ගත්තේ දින 52 ආණ්ඩු සමයේ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ හමත් අලියාගේ මෙන්ම හයිය බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

රාජපක්ෂ සමාගම ආර්ථික කළමනාකරණයෙහි අසමත් බව ඔවුන් ලෝකයටම පෙන්වා ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා නැවත නම් ඔවුන්ට රැවටෙන්නේ නොමැති බවයි අවධාරණය කළේ. එසේම ඒ යුගයේ හරකුන්ට ලාඩම් ගසන ව්‍යාපෘතියක් පැමිණියේ නම් මුලින්ම ලාඩම් ගසන්නේ හම්බන්තොට හරකුන්ට බවත් මන්ත්‍රීවරයා උපහාසයෙන් පැවසූ බව ද වාර්තා වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න