හිටපු මහ බැංකුව නියෝජ්‍ය අධිපති සහ ලේක් හවුස් මූල්‍ය අධ්‍යක්ෂ ඇතුළු 4 : බැදුම්කරේ නිසා අත්අඩංගුවට !

හිටපු මහ බැංකුව නියෝජ්‍ය අධිපති සහ ලේක් හවුස් මූල්‍ය අධ්‍යක්ෂ ඇතුළු 4 : බැදුම්කරේ නිසා අත්අඩංගුවට !

ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුව සම්බන්ධව විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි ඇතුළු තවත් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

අද (25) මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් වන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සේවය කළ පුෂ්පමිත්‍ර ගුණවර්ධන, රංජන් හුලුගල්ල සහ මුතුරාජා සුරේන්ද්‍රන් යන අධ්‍යක්ෂවරුන් ය.

එසේම මෙම පිරිස ඉදිරියේ දී අධිකරණය හමුවට පමුනුවන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

ලේක් හවුස් මූල්‍ය අධ්‍යක්ෂ : අලුත් මාධ්‍ය ඇමැති රුවන්ගේ හිතවතා

මේ අතර අත්අඩංගුවට පත්ව සිටින රන්ජන් හුළුගල්ල පසුගියදා ජනමාධ්‍ය අමාත්‍ය ලෙස පත්වීම් ලැබූ රුවන් විජයවර්ධනගේ හිතවතෙකු වන අතර ඒ වන විටත් අමාත්‍යවරයා විසින් ඔහුව ලේක් හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂ ලෙස පත්කර සිටි බවද අනාවරණය වෙයි.

මේ සම්බන්ධව අයවැය විවාදය අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ප්‍රශ්න කර ඇත.

CV එකේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂ ධූරය නෑ !

එහිදී මන්ත්‍රීවරයා පෙන්වාදී ඇත්තේ රන්ජන් හුළුගල්ල යන අය පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති අතර බැදුම්කර ගනුදෙනුව සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග තුල ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය පවා අත්හිටුවා තිබෙන බවය.

එසේම ඔහු විසින් ලේක් හවුස් මූල්‍ය අධ්‍යක්ෂ ධූරය ලැබීම වෙනුවෙන් ඉදිරිපත් කළ ජීව දත්ත පත්‍රයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කල බව සදහන් නොවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එය සැකසහිත බවත් එවැන්නක් සිදුකිරීම අනුමත නොකරන බවත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසා ඇති විට අමාත්‍ය රුවන් විජයවර්ධන එම පත්කිරීම සිදුකර සිටියේ තමන් විසින් බව පිළිගෙන තිබේ .

සීයාගේ හිතවතා !

එහිදී තමන් බැලුවේ ඔහුගේ සුදුසුකම සහ ඔහුගේ සීයා සහ තමන්ගේ සීයා අතර වූ මිත්‍රත්වය බවත්, තම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනය නැංවීමේ අපේක්ෂාව ඇතිව පත්කිරීම සිදුකළ බවත් අමාත්‍යවරයා සදහන් කර ඇත.

මෙහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසා සිටියේ අධිකරණය හමුවේ මූල්‍ය චෝදනා ලබා ඇති, පුද්ගලයන් මූල්‍ය භාර තනතුරක් සදහා නම් කිරීම ප්‍රශ්නයක් බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න