ඖෂධ මිල දී ගැනීමේ දී පූජ්‍ය පක්ෂයට 5%ක වට්ටමක් !

ඖෂධ මිල දී ගැනීමේ දී පූජ්‍ය පක්ෂයට 5%ක වට්ටමක් !

ඖෂධ මිල දී ගැනීමේ දී පූජ්‍ය පක්ෂය සදහා සියයට 5 ක වට්ටමක් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අචාර්ය එම්.එච්.එම් රූමි වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 42 වන ඔසුසල මාතලේ නගරයේ දී ඊයේ (25) පෙරවරුවේ විවෘත කළ අතර, එම අවස්ථාවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.

මේ වන විට ගර්භනී කාන්තාවන්ට, වයස අවුරුදු 05 ට අඩු දරුවන්ට, වයස අවුරුදු 55 ඉක්ම වූ ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රණවිරු වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට ඖෂධ මිලදී ගැනීමේ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සියයට 5 ක වට්ටම් මුදලක් ලබාදෙයි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ හිටපු සංවිධායක උජිත් අනුරාධ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි, කළමණාකාර අධ්‍යක්ෂ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි ඇතුලු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂවරුන්, නිලධාරින් ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න